අන්තර්ජාලය බුද්ධිමත්ව භාවිතා කිරීම [Social Sites]

වර්තමානයේ තරුණ පරම්පරාව වැඩිවශයෙන්ම ගැවසෙන වෙබ් අඩවි අතර සමාජ වෙබ් අඩවි (Social Sites) මුල්තැනක් ගනී. ෆේස්බුක්, මයි ස්පේස්, හයි5 (Facebook, Myspace, HI5) ආදී ලෙස ඉතා විශාල සමාජ වෙබ් අඩවි වර්තමානයේ ඇත.

තරුණ ළමයින් විශේෂයෙන්ම පාසැල් යන වියේ සිටින ළමුන් මෙම වෙබ් අඩවි නිසි ආකාරයෙන් පරිහරණය නොකිරීම නිසා විවිධ අපචාරයන්ට හා හිරිහැරයන්ට ලක්වූ අවස්ථා අප්‍රමාණය.

එමෙන්ම ෆේස් බුක් නිසා තමන්‍ ගේ වෘත්තියෙන්ද වන්දි ගෙවීමට සිදුවුනු පුද්ගලයන්ද අප්‍රමාණය. ඔවුන් අතර ට මම කලින් වැඩ කල ආයතනයේ කළමණාකරුවෙකුද සිටින අතර ඔහු පුද්ගලිකව ආරම්භ කල ‍ආයතනයක් ගැන යහළුවන්ට (ෆේස්බුක්) කරන ලද දැනුවත් කිරීමක් එයට හේතු විය. ඔහුගේ යහළුවන් අතර ඔහුගේ බොස් ගේ යහළුවෙක් ද සිටි නිසා මේ දෙය සිදුවිය.

අප යහළුවන් කියා එකතු කරගන්නා සියළුදෙනාම, ඇත්තටම අපේ යහළුවන් බව තහවුරු කරගෙන කටයුතු කිරීම අපගේ වෙබ් පිටුව අපචාර ක්‍රියාවන්ට/වැරදි පුද්ගලයන්ට හසුවීම වැලැක්වීමට කල හැකි මූලික දෙයකි.

පහත වීඩියෝ පටයෙන් මේ ගැන වඩාත් තහවුරු කරගත හැක.

Comments

Popular posts from this blog

අද එළිදකින්නට සිටි පුංචි පුතු ගැන