Posts

Showing posts from September, 2020

තවත් දුවෙක් ඇවිදින්....

Image
  අද මව් තුරුලේ උණුසුම් වෙන්නට වරම් ලද පුංචි දූ කුමරියේ.... ඔයා ඉපදුනේ අගෝස්තු 28 උනාට ඔයා අම්ම ළඟට දුන්නේ අදනේ දුවේ, ඒ වෙග්ම ඔයාගේ අයියයි අක්කලයි ඔයාව දැක්කෙත් අදනේ ඒක නිසා අදම මට මේ සටහන දමන්නට සිතුනා.   පුංචි දුවේ... ඔයාව ළඟට ගන්න අම්මා ගොඩාක් දුක් වින්දා. අම්මා මාස 2ක් විතර තනියම රෝහල් ගතවෙලයි හිටියේ. අදත් හවස සුපුරුදු පරිදි මම  අම්ම බලන්නයි ආචේ. ඔයාව දීල තිබ්බ නිසා  අක්කලාටයි අයියාටයි බලන්න ඔයාව වීඩියෝ කරන් ආවා. ICU එකේදී ඒව මුකුත් බෑනේ... ඔයා කුස තුලට ආවේ අම්මට ටිකක් කල් ඉවසන්න කියලා බොහෝ දෙනෙක් කියද්දීයි. ඔයාගේ චුටි අයියව අම්මට අල්ලන්නවත් ලැබුන්නැති නිසා අම්මා හිටියේ හරීම දුකෙන්. චූටි අයියාව අප්පච්චි බොරැල්ල කනත්තේ භූමිදානය කරලයි අම්මව හොස්පිට්ල් එකෙන් එක්කන් ආචේ. එයා චූටි අයියගේ පින්තූර අප්පච්චිගෙන් බලෙන් ඉල්ලගෙන වැළහිණ්නී වගේ ඇඩුවා. අම්මා ඊට පස්සේ ටිකක් වෙනස්, රෑට අප්පච්චිගේ පපුවට තුරුළුවෙලා අම්මා කඳුළු බීපු දවස් බොහෝමයි. එයාට කොහොම හරි ඉක්මනින් තවත් පැටියෙක් ඕන උනා. අයියලාගේ ඉස්කෝලෙ සමහර අම්මලා කරපු කෙනහිළිකම් හින්දත් ඒ උවමනාව වැඩි උනා. අයියා නැති උනේ රෝහලේ අයගේ වරදින් උනත් අ