Posts

තවත් දුවෙක් ඇවිදින්....

Image
  අද මව් තුරුලේ උණුසුම් වෙන්නට වරම් ලද පුංචි දූ කුමරියේ.... ඔයා ඉපදුනේ අගෝස්තු 28 උනාට ඔයා අම්ම ළඟට දුන්නේ අදනේ දුවේ, ඒ වෙග්ම ඔයාගේ අයියයි අක්කලයි ඔයාව දැක්කෙත් අදනේ ඒක නිසා අදම මට මේ සටහන දමන්නට සිතුනා.   පුංචි දුවේ... ඔයාව ළඟට ගන්න අම්මා ගොඩාක් දුක් වින්දා. අම්මා මාස 2ක් විතර තනියම රෝහල් ගතවෙලයි හිටියේ. අදත් හවස සුපුරුදු පරිදි මම  අම්ම බලන්නයි ආචේ. ඔයාව දීල තිබ්බ නිසා  අක්කලාටයි අයියාටයි බලන්න ඔයාව වීඩියෝ කරන් ආවා. ICU එකේදී ඒව මුකුත් බෑනේ... ඔයා කුස තුලට ආවේ අම්මට ටිකක් කල් ඉවසන්න කියලා බොහෝ දෙනෙක් කියද්දීයි. ඔයාගේ චුටි අයියව අම්මට අල්ලන්නවත් ලැබුන්නැති නිසා අම්මා හිටියේ හරීම දුකෙන්. චූටි අයියාව අප්පච්චි බොරැල්ල කනත්තේ භූමිදානය කරලයි අම්මව හොස්පිට්ල් එකෙන් එක්කන් ආචේ. එයා චූටි අයියගේ පින්තූර අප්පච්චිගෙන් බලෙන් ඉල්ලගෙන වැළහිණ්නී වගේ ඇඩුවා. අම්මා ඊට පස්සේ ටිකක් වෙනස්, රෑට අප්පච්චිගේ පපුවට තුරුළුවෙලා අම්මා කඳුළු බීපු දවස් බොහෝමයි. එයාට කොහොම හරි ඉක්මනින් තවත් පැටියෙක් ඕන උනා. අයියලාගේ ඉස්කෝලෙ සමහර අම්මලා කරපු කෙනහිළිකම් හින්දත් ඒ උවමනාව වැඩි උනා. අයියා නැති උනේ රෝහලේ අයගේ වරදින් උනත් අ

අද එළිදකින්නට සිටි පුංචි පුතු ගැන

Image
අද දහවල් මා කාසල් වීදියේ කාන්තා රෝහල වෙත දිව ගියේ මාගේ පුන්චි පුතුගේ මුහුණ බලන්න යි. ඒත් ඒවන විටත් බිරිඳ Labour room එකෙන් පිටවී සිටියේ නැත.   හවස 5.00ටම මම ඇය බලන්නට වාට්ටුවට ගියද ඇයව එක්වරම සොයා ගැනීමට නොහැකි විය. සොයා ගත් විගසම මා ඇසුවේ කෝ බබා කියාය. ඒ ඇයගේ මුහුණේ තිබූ ඉරියව් හෝ අතට ගසා ඇති සේලයින් බටය ගැනවත් නොසිතා ය. ඒත් ඇය අපහසුවෙන් ඇයගේ ඇදුම් බෑගය ඉල්ලා සිටියාය. දෙවන වරත් ඈ ඉල්ලූ නිසාම එය ගෙනවිත් දී පුතු ගැන විමසීමි. 'එයා නැතිවෙලා' ඇය බිඳුනු හඬින් පැවසුවාය. මොකක් කියා නැවත ඇසුවේ ඒ වදන් විශ්වාස කල නොහැකි නිසාවෙනි. පුතා ඉපදෙනකොට මැරිලා, ඈ කඳුළු සලමින් පැවසුවාය. එහෙම වෙන්නේ කොහොමද, පුතු අවසන් මොහොත තෙක් හොඳින් දඟලමින් සිට ඇත. දොස්තරලා ඇයව හැදින් වූ යේ Large baby කියාය. ඒ නිසාම ඇයට කිහිප වරක්ම සීනි පරික්ෂා කරන්නට සිදුවිය. බිරිඳ හා පුතු ට කිසිම ලෙඩක් තිබුනේ ද නැත. පුතු ගේ බර නිසා දෝ බිරිඳ ට ලඟ ලඟම දෙවරක් රෝහල් ගත වීමට සිදු විය. ප්‍රතම වර ද දොස්තරලා ඇයව ගනන් ගත්තේ නැත. දරුවන් තුනකගේ අම්මා කෙනෙක් ලෙස ඇය පැවසූ දෑ ඔවුන් ගනන් ගත්තේ නැත. ඇය දින 5 ක් තියාගෙන ගෙදර එව්වාය.

මමත් කාර් එකක් අරන්..... (කාර් එකෙන් ආවර්ජනය කරන මගේ අතීතය)

මේ කතාව මම කොහොම පටන්ගන්නදෝ   තාම සිතුනේ නෑ. නමුත් මේ කතාව මම හා මගේ කාර් එක පසුබිම් කරගෙන ලියන කතාවක්. මුලින්ම මම ගැන කියලාම කතාව පටන් ගනිමු. මගෙ ගම නුවර. මම බින්දුවෙන් පටන්ගෙන යන්තම් නැගීසිටින කෙනෙක්. මගේ අතීතයනම් එච්චර සුන්දර නෑ. මම පුංචිකාලේම, ඒ කියන්නෙ අවුරුදු 4දී පමන අප්පච්චි පුංචිත් එක්ක පැනල යනවා, ඒ කියන්නෙ අම්මගෙ නංගිත් එක්ක යි මේ පැනල යන්නෙ. ඒ වෙනකොට මල්ලිට අවුරුදු දෙකක් විතර ඇති. මල්ලි පොඩි එකා නිසත් ඌට අප්පච්චිව හිත් කොනකවත් මතකයේ නැති නිසාද කොහදෝ පවුලේ වැඩි අවධානය මල්ලී තමයි. අපි දෙන්න මොන වැරැද්ද කලත් අයියා ඒ හැම එකකටම වැරදි කාරයා. අපේ අම්මට අපිව ජීවත් කරන්න ගොඩාක් මහන්සි වෙන්න උනා. ගෙදර ආවම සීයයි අත්තම්මයි එකතුවෙලා වැරදි කියනකොට වැඩිපුරම ගුටි කෑවෙ මම, ඒත් මල්ලියි මමයි අතර තිබ්බ බැඳීම නං ඒවා වලින් නවත්තන්න බැරි උනා. ඔන්න ඔය අතරෙ අප්පච්චි අවුරුද්දට දෙතුන් පාරක් ඇවිත් අපිට කැරට් අලයක් කවල යනවා, අප්පච්චි පැනල ගියාම නැවතුනේ කොළඹ, අපිට කොළඹ කතා රස කරකර කියනකොට අපිට හිතුනෙ සුරපුරයක් කියලා. අප්පච්චිට ඕන උනා මල්ලිව එයා ළඟට ගන්න. මොකද එයා හොඳ බ්‍රයිටා. ඒත් අම්ම කැමති උනේ

නිකමුන් උද්ඝෝෂණය කරති - වැඩකලවුන් උන් නිසා මහ මඟ ලතැවෙති.....

අදත් උපාධිධාරී උද්ඝෝශණයක්. රජයත් එක්ක තියෙන තරහ පිරිමහන්නෙ මහ ජනයගෙන් වගේ. පාරවල් පුරාම උන් සත්තු වගේ ඉන්නකොට මිනිස්සු වැඩ ඇරිල ගෙවල් වලට යන්නෙ කොහොමද? එහෙම හිතන්න බැරි මුන්ට රස්සා දුන්නාම දැනටත් වැනසිලා තියෙන රාජ්‍ය සේවය ට දෙයියන්ගේම පිහිටයි. මේ රජය පෙරලන්න වගේ උද්ඝෝෂණය කලාට එජාප රජයක් ආවම දෙයි රස්සා මේන් කියලා. හිටපු අවුරුද්දක කරපු දේවල් බැළුවාම එජාප ආණ්ඩුවකදී රාජ්‍යසේවයත් ‍පෞද්ගලීගරණය කරයි. එතකොටවත් මිනිස්සුන්ට පාරවල් වල කරදරයක් නැතුව යන්න පුළුවං වේවි. මේවගේ අවස්ථාවාදී උද්ඝෝෂණ මඩින්න ඕන ප්‍රේමදාස තියරියෙනුයි. එහෙම නැතුව හුරතල් කරල නං මේව නවත්වනව බොරු. රැකියා විරහිත උපාධිධාරීන් කියන්නේ කවුද, රැකියා නැති මිනිස්සුද? නෑ... මේ උද්ඝෝෂකයන් බොහොමයක් දෙනාට රැකියා තියෙනවා. ඔවුන්ගෙන් සමහරු පෟද්ගලික ආයතන වල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, සමහරු ටියුෂන් ගුරුවරු, ඒත් ඔවුන් රැකියා විරහිත පුද්ගලයන් ලු, මොකද ඔවුන්ට රජයේ රැකියාවක් නෑනේ, පිනට කකා බිබී ජොලියේ ඉන්න උපාධියට සරිලන වැටුපකින් යුත් රජයේ රැකියාවක් තමා ඔවුන් ඉල්ලන්නෙ. මොවුන් හට උපාධියෙන් නොලැබුනු වෘත්තීමය දැනුම දෙන වැඩසටහනකට සම්බන්ධවූ කෙනෙකු හැට

මගේ පුංචි පුතුට අප්පච්චීගෙන්....

අද ඉපදුනු පුංචි පුතුට ආදරයෙන් ලියමි, චූටි පුතේ, දින සති මාස ගනන් ඇඟිළි ගැණ ගැණ බලාගෙන උන්නු පුංචි අමුත්තා අද අපේ කැදැල්ලට ආවා. අම්මයි මායි වින්ද දුක් කඳුළු වල ඵල අද අපි බුක්ති විඳිනවා. පැටියෝ, අද ඔයාගෙ අම්මගෙයි මාගෙයි ඇස්වල පිරී තිබෙන සතුටෙහි අයිති කරුවා ඔයාමයි. ඒ වගේම ඔයා අපේ ඇස්වල තිබෙන සතුටට දුක් කඳුළු එක්කරන්නේ නෑ නේද පැටියෝ. ඔයා කුසට ආවා කියල දැනගත්ත දවසේ ඉඳලම අම්මා ඔයාව පණ වගේ ආරක්ෂා කලා. ඔයා අපේ ලෝකයට එන්න යනවා කියල දැනගත්ත දවසේ ඉඳලම අපි ඔයාව පිළිගන්න මඟ බලාගෙන හිටියා. ඔයා මේ ලෝකෙ එළිය දකිනා තුරුත් අම්මගෙයි මගෙයි ලෝක වල පිරිලා හිටියෙ ඔයාම විතරයි. ඔයා අම්මාගේ කුසේ පිළිසිඳ ගත්තට පස්සෙ අම්මා කෑවෙ, බිව්වෙ ඔයා ගැනම හිතලයි, ඔයාට හොඳ දේවල්ම විතරයි. ඔයාට හොඳනෑ කියල කව්රුහරි විහිළුවට හරි කියපු කෑමක් කොච්චර ආස වුනත් ඔයාගෙ අම්ම කටේවත් තිබ්බෙ නෑ. ඔයා මුළින්ම දඟලපු දවස අපිට හොඳටම මතකයි. අම්මි ඔයා දඟලනව කියල කිව්වාම මම කන තියාගෙන අහගෙන කොච්චර වෙලා බලාගෙන හිටියද. ඒ එක දවසක ඔයා රෑ දඟලන්නෑ කියල අම්ම බයවෙලා, අම්මයි මායි මුළු රෑම නිඳිනැතුව බලාගෙන හිටියා. මට ‍මූන නොපෙනෙන්න අම්මි එදා ගොඩාක් ඇඩුවා.

අන්තර්ජාලය බුද්ධිමත්ව භාවිතා කිරීම [Social Sites]

වර්තමානයේ තරුණ පරම්පරාව වැඩිවශයෙන්ම ගැවසෙන වෙබ් අඩවි අතර සමාජ වෙබ් අඩවි (Social Sites) මුල්තැනක් ගනී. ෆේස්බුක්, මයි ස්පේස්, හයි5 (Facebook, Myspace, HI5) ආදී ලෙස ඉතා විශාල සමාජ වෙබ් අඩවි වර්තමානයේ ඇත. තරුණ ළමයින් විශේෂයෙන්ම පාසැල් යන වියේ සිටින ළමුන් මෙම වෙබ් අඩවි නිසි ආකාරයෙන් පරිහරණය නොකිරීම නිසා විවිධ අපචාරයන්ට හා හිරිහැරයන්ට ලක්වූ අවස්ථා අප්‍රමාණය. එමෙන්ම ෆේස් බුක් නිසා තමන්‍ ගේ වෘත්තියෙන්ද වන්දි ගෙවීමට සිදුවුනු පුද්ගලයන්ද අප්‍රමාණය. ඔවුන් අතර ට මම කලින් වැඩ කල ආයතනයේ කළමණාකරුවෙකුද සිටින අතර ඔහු පුද්ගලිකව ආරම්භ කල ‍ආයතනයක් ගැන යහළුවන්ට (ෆේස්බුක්) කරන ලද දැනුවත් කිරීමක් එයට හේතු විය. ඔහුගේ යහළුවන් අතර ඔහුගේ බොස් ගේ යහළුවෙක් ද සිටි නිසා මේ දෙය සිදුවිය. අප යහළුවන් කියා එකතු කරගන්නා සියළුදෙනාම, ඇත්තටම අපේ යහළුවන් බව තහවුරු කරගෙන කටයුතු කිරීම අපගේ වෙබ් පිටුව අපචාර ක්‍රියාවන්ට/වැරදි පුද්ගලයන්ට හසුවීම වැලැක්වීමට කල හැකි මූලික දෙයකි. පහත වීඩියෝ පටයෙන් මේ ගැන වඩාත් තහවුරු කරගත හැක.

ශිහාන් මිහිරංග ( තවත් එක් ගායකයෙකු නොවූ.....)

Image
තවත් එක් ගායකයෙකු නොවූ.....ශිහාන් මිහිරංග අද මට ශිහාන් මිහිරංග ගැන කතා කරන්න හිතුවා. ශිහාන් මිහිරංග, ඇත්ත වශයෙන්ම කිව්වොත් මුල් කාලයේ මම අකැමතිම චරිතයක්. සිංදු කන තවත් එක චරිතයක් ලෙසයි මට ඔහුව පෙනුනේ. ඒ වගේම තමන්ගෙ කෙල්ල සිරස සුපර් ස්ටාර් තරු වලට වහ වැටෙන එක නවත්වන්නට ඉතාමහන්සිවී වැඩ කල කෙනෙකි මම. (කෙලින්ම කිව්වොත් සිරස සුපිරි තරු මට අරහං) ඒ කාලේ සෑම කොල්ලෙකුටම තිබ්බ ප්‍රශ්ණයක් නේ ඒක. ඒත් ඇයි මට ශිහාන් විශේෂ වුනේ..., ඒ මට ශිහාන්ව පෙනෙන්නේ ලෝකල් මයිකල් ජැක්සන් කෙනෙක් හැටියට. ඔහුගේ ගීතවලට මිනිස්සු කොච්චර බැන්න ද, ප්‍රබුද්ධයන් පත්තර ගනං ඔහුට විරුද්ධව ලියන්න ඇති. මටත් ඔහුගේ ගීත පෙනුනේ නිකං බොරු හෑල්ලක්, දුක් ගැනවිල්ලක් කියා විතරයි. නමුත් ඔහුගේ ගීත බොහොමයක් ඔහුම ලියා, ඔහුම සංගීතය යොදා කල බව දැනගත් විට මම පුදුමයට පත් වුනා. ඔහුගේ මුල් සීඩී තැටියේ තිබූ ගී ඇත්තටම ඔහුගේ හීනයන් වෙන්න ඇති. ඔහු‍ට අත්විඳීමට වූ ගැහැටයන් ඒ ගී තුලට ඔහු ඇතුලත් කරන්න ඇති. ඒක‍ට කවුරුවත් කරදර කරන්න නැතුව ඇති. මොකද සියළුම ගී ඔහුගේම නේ, සංගීතයත් ඔහුගේමනේ. ඒ නිසා බොක්කෙන්ම අවශ්‍ය දේ කියන්න ඔහුට පුළුවන් වුනා. ඒවගේම මිනිස්සු කො