ශිහාන් මිහිරංග ( තවත් එක් ගායකයෙකු නොවූ.....)
තවත් එක් ගායකයෙකු නොවූ.....ශිහාන් මිහිරංග

අද මට ශිහාන් මිහිරංග ගැන කතා කරන්න හිතුවා. ශිහාන් මිහිරංග, ඇත්ත වශයෙන්ම කිව්වොත් මුල් කාලයේ මම අකැමතිම චරිතයක්. සිංදු කන තවත් එක චරිතයක් ලෙසයි මට ඔහුව පෙනුනේ. ඒ වගේම තමන්ගෙ කෙල්ල සිරස සුපර් ස්ටාර් තරු වලට වහ වැටෙන එක නවත්වන්නට ඉතාමහන්සිවී වැඩ කල කෙනෙකි මම. (කෙලින්ම කිව්වොත් සිරස සුපිරි තරු මට අරහං) ඒ කාලේ සෑම කොල්ලෙකුටම තිබ්බ ප්‍රශ්ණයක් නේ ඒක.
ඒත් ඇයි මට ශිහාන් විශේෂ වුනේ..., ඒ මට ශිහාන්ව පෙනෙන්නේ ලෝකල් මයිකල් ජැක්සන් කෙනෙක් හැටියට. ඔහුගේ ගීතවලට මිනිස්සු කොච්චර බැන්න ද, ප්‍රබුද්ධයන් පත්තර ගනං ඔහුට විරුද්ධව ලියන්න ඇති. මටත් ඔහුගේ ගීත පෙනුනේ නිකං බොරු හෑල්ලක්, දුක් ගැනවිල්ලක් කියා විතරයි.
නමුත් ඔහුගේ ගීත බොහොමයක් ඔහුම ලියා, ඔහුම සංගීතය යොදා කල බව දැනගත් විට මම පුදුමයට පත් වුනා. ඔහුගේ මුල් සීඩී තැටියේ තිබූ ගී ඇත්තටම ඔහුගේ හීනයන් වෙන්න ඇති. ඔහුට අත්විඳීමට වූ ගැහැටයන් ඒ ගී තුලට ඔහු ඇතුලත් කරන්න ඇති. ඒකට කවුරුවත් කරදර කරන්න නැතුව ඇති. මොකද සියළුම ගී ඔහුගේම නේ, සංගීතයත් ඔහුගේමනේ. ඒ නිසා බොක්කෙන්ම අවශ්‍ය දේ කියන්න ඔහුට පුළුවන් වුනා.
ඒවගේම මිනිස්සු කොච්චර බැන්නත් ඔහු තම ක්‍රමය වෙනස් කරගන්න උත්සාහ කලේ නෑ. එසේම ඔහු අතිශ්‍ය ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවට පත් වුනා. ඔහුටම විශේෂ වූ ඇඳුම්, කොණ්ඩය ආදිය තරුණ පරපුර කොපි කරන්න වුනා. ඔහුට වහ වැටුණු කෙල්ලන් තාමත් ඒ විදිහට ඉන්නවා. ඔහු ඔහුටම විශේෂ වූ ප්‍රතිරූපයක් ලංකාවේ සංගීතය තුල ඇති කරගත්තා. ඔහු කාව වත් කොපි නොකලාට ඔහුව කොපි කරන බොහෝ පිරිසක් සිටිනවා.
ඒ වගේම ශිහාන් කියන පුද්ගලයා ශ්‍රී ලංකාවේ ප්‍රසංග වේදිකාව තවත් කඩඉමකට ගෙනාවා. සජීවී ප්‍රසංගයක තමන්ට ඕනවිදිහට ප්‍රේක්ෂකයන් හසුරුවන්න ඔහුට පුළුවං වුනා. ඇස ගැටෙනා දස දහසක් නෙතු.... යන සජීවී ගීතයේ දී ප්‍රේක්ෂිකාවක් අහඹුලෙස වේදිකාවට කැඳවාගෙනැවිත් ඉදිරිපත් කල සුවිශේෂ රංගනය මා ශ්‍රී ලංකාවේදී දැක්කේ ප්‍රථම වතාවටයි.
එසේම ඔහු හීන ජයගන්න තැත් කරන තාරුණ්‍යයට මහත් පිටිවහලක්. මොකද ඔහු, ඔහු දැකපු හීන එකින් එක සැබෑවක් කරගන්න නිසයි. නාවල කාගිල්ස් ෆුඩ් සිටිය අසල ඇති ද කිචන් (the Kitchen) නැමති අවන් හල ඒකට කදිම නිදසුනක්. තාරුණ්‍යයට කියාගත නොහැකි දුක් වේදනා ශිහාන් විසින් හෝ ගීයක් ලෙස ගයාවී යැයි ඔවුන් බලා සිටිනවා..., ඔවුන් සැමගේ දුක් වේදනා කඳුලකට මුසුවී ඉවත් කරන්නට ඔබගේ ගීතයට හැකිවේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!

yes dat's so true,he's the star!
ReplyDeletestill no one can beat him,never!!
thanks 4 da article bro!!
wow datz true?????
ReplyDeletebt shihan iz da king
im RINAZ a gr8 fan f SHIHAN
api shihanta , shihan apita
ReplyDelete