විශ්ව විද්‍යාලය යනු රැකියා කඩයක් නොවේ, මට කියන්න තියෙන්නෙ එච්චරයි!

අදත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ පිරිසක් උපවාසයේ..., හැමදාම මොකක් හරි විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෝ සෙට් එකක් උපවාසය කරනවාමයි. මේ වැඩේ නැවතිලා තිබුනේ 2004-2005 ජවිපෙ ආණ්ඩුවත් එක්ක හිටපු කාලෙ විතරයි. මේ අය ආණ්ඩුව අතහැරියෙ මේ ප්‍රශ්ණ එයාල ආණ්ඩුවේ ඉඳගෙනවත් විසඳන්න බෑ කියල ද දන්නෙ නෑ..(මේ ප්‍රශ්ණ ප්‍රායෝගික නෑ කියල එයාලට තේරුනාට, එයාලගෙ පැවැත්මට උද්ඝෝෂණ ඕනම නේ..)

මේ ළඟදි පත්තරේක දැක්ක, මහා ශිෂ්‍ය සංගමයේ ආධාර උපකාර ප්‍රතික්ශේප කරල, අහිංසකව සාධාරණ ඉල්ලීම් ඉල්ලල, ඉල්ලීම් දිනාගත්ත පිරිසක්. එයාලට ඒ ඉල්ලීම් දිනාගන්න ලැබුනෙ, ඒ ප්‍රශ්ණය දඩමීමා කරගෙන ගහමරා ගන්නෙ නැතුව මාරාන්තික මහා ශිෂ්‍ය සංගමය ප්‍රතික්ශ්පකර එය කල නිසා වගක්ද මට අහන්න ලැබුනා. මේ විදිහට ගියොත් මහා ශිෂ්‍ය සංගමයත් ජවිපෙ වගේ අවලංගු කාසියක් වෙයි කියල දැන් ඒවගේ අසම්මත පිකටින් තියන්න ශිෂ්‍ය සංගම් වලට වාරණයක් කරයිද දන්නෙ නෑ.

අද කාලෙ සරසවියට යන්නෙ අනිවාර්යයෙන්ම රජයේ රැකියාවක් ගන්න, බල කරල ගන්න පුළුවං කියන හැඟීම නිසා නේ. ඒත් විශ්ව විද්‍යාල කියන්නේ රැකියා සඳහා පුහුණු කරන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් නොවන බව අද මේ මිනිසුන්ට අමතක වෙලා ද කොහෙදෝ..(මේකට වර්තමාන තරුණ පරපුර කියල දැම්මෙ නැත්තෙ උපාධිය ආභරණයක් පමනක් කරගෙන, ස්වෝත්සාහයෙන් නැගී සිටි තරුණයන්ට ඒක අසාධාරණයක් වන නිසයි.) අද ගණකාධිකරන උපාධිය හදාරන සෑම කෙනෙක්ම පාහේ චාටඩ් කරනවනේ, එයාල චාටඩ් වල තියෙන ඔඩිට් ටේනිං වලටත් යනවනේ, ඒ මොකද එයාල දන්නවා ඩිග්‍රියක් තිබ්බ පලියට හොඳ රැකියාවක්, රට රැකියාවක් ගන්නවා බොරු කියලා. මොකද ඩිග්‍රිය වෘත්තීය සුදුසුකමක් (Professional Qualification) නොවේනේ... ඒවගේම ගණකාධිකරණ ඩිග්‍රිය ගත්ත අය මහපාරෙ කාලෙ කකා බෝඩ් කෑලි එල්ලගෙන ඉන්නව මම දැක්කෙ නෑ.

වර්තමානය වන විට රැකියා වෙළඳපොල ඉලක්ක කරගත් උපාධි තියෙන්නෙ අතලොස්සයි, තොරතුරු තාක්ෂණ, වෛද්‍ය, ඉංජිනේරු. කළමණාකරන හා සමහර කලා උපාදිත් මේ ගොඩට අයත්. මේ හැරුණුකොට තියෙන ගොඩක් උපාධි වලින් බිහි කරන්නෙ ගමටත්, රටටත් වැඩක් නැති මැට්ටන් පිරිසක්. මේ උපාධි කරන්නෙත් ඒවගේම අනාගතේ ගැන ස්ථිර විශ්වාසයක් නැති, කනාවට උසස් පෙල පාස්වෙලා ‍ගොඩ ගිය පරිසක්. ඒ අය විශ්ව විද්‍යාල වලට ගියත් කරන්නෙ අනුන්ට වල කප කපා, නවක වදය දිදී පිස්සු කෙලීම හා අනුන්ගේ නෝට්ස් වලින් ගොඩ යාම. ඊට පස්සෙ එවුන් ත්ත උපාධි සහතිකය රෝල් කරගෙන මහ මඟ, ගමට රටට මගීන්ට බරක් වෙවී රජයේ රැකියා හිඟා කෑම.

මො‍කද ඔවුන් දන්නවා, මේ උපාධිය ගත්තු විදිහත්, මේකෙන් රැකියාවක් ගත්තත් ගන්න පුළුවන් රජයෙන් පමණක් බවත්. ඔවුන්ගේ තියෙන වෘත්තීය සුදුසු කමට, ගාමන්ට් රස්සාවක් වත් ගන්න බැරි බව ඔවුන් දන්නවා. ඒ වගේම ඔවුන් එදා සිට පුරුදු වූ, කාලෙ කමින් සිටීම, අයිස් ගැහීම, ආදී ක්‍රියා කාරකම් කරන්න පුළුවං රජයේ රැකියාවකම පමණක් බවත් ඔවුන් දන්නවා. ඒ බව සැක නං රජයේ ආයතනයක් සිතට ගන්න. කලා උපාධි ධාරීන්ගේ ප්‍රමුකම ඉල්ලීමක් වන්නේ ගුරු වෘත්තිය. මොකද පැය 6 කාලය හා වැඩ කිරීමේ කාලය අඩු වීම ඒකට හේතුවක්. ‍ඒ වගේම වැඩ නොකලා කියා හෝ, බොරු කලා කියා අල්ලල දෙන්න කවුරුත් නෑනේ. (සැක නං ඔබ ඉගෙන ගත්තු විදිහ හිතට ගන්න, පාසලේ සිටි ගුරුවරුන්ගෙන් බහුතරය ඕපාදූප කියමින් නිකරුනේ තම කාලය වැය කල පිරිසක් බව ඔබට මතක් වේවි.) වර්තමානය වන විට පාසැල් වල සිය දිවි නසා ගැනීම් වර්ධනයට හේතුවත්, අපචාර කි්‍රයා වැඩිවීමට හේතුවත්, නිසි පුහුණුවක් ‍නොලැබූ පඩිය තකා වැඩකරන ගුරු හොරුන් නිසා සිදුවී ඇත. (තමන්ගේ දරුවන්ටත් වඩා ආදරෙන් හා සෙනෙහසින් තම සිසු කැල පෝෂණය කරන ආදරණීය හා වන්දණීය ගුරු මෑණිවරුන් , ගුරු පියවරුන් මා හට කමත්වා!)

අද වන විට පුද්ගලික අංශය බලන්නේ හොඳ, වැඩ කල හැකි පිරසක් රැකියාවට බඳවා ගැනීම‍ට. ඒ නිාම ඔවුන් උපාධිධාරීන්ට රැකියා දීමේදී වඩාත් සැලකිලි මත් වෙනවා. මොකද ඔවුන් ව වැඩටගෙන ඉල්ලීම් මුල්කරගෙන අරගල කරයි කියන බය සේව්‍යයන්ට තියෙනවනේ. (නමුත් රැකියා කරන ගමන් බාහිර උපාධි කරන්නට ඔවුන් පූර්ණ සහයෝගය ලබා දෙනවා.)

වර්තමානයේ ලංකාවෙත් පිටරට විශ්ව විද්‍යාල ඇති කරන්නට පටන්ගෙන තියෙනවා. ඒත් මහා ශිෂ්‍ය සංගමය කියන විපරීත සංවිධානය ඒකට කැමැත්තක් නෑ. මේ අය කියන්නේ එයින් නිදහස් අධ්‍යාපනය හෑල්ලු වෙනව කියලයි. නමුත් නිදහස් අධ්‍යාපනය සැබෑවටම හෑල්ලු කරන්නෙ ඔවුන් බව කියන්න කවුරුත් නෑනේ... ඒත් සල්ලි තියෙ මිනිහ ‍ලංකාවෙන් බැරිනං පිටරටින් හරි ගන්න ඕන උපාධිය ගන්නව වනේ. ඒ උපාධි ලංකාවෙම දුනාම පිටරට යන සල්ලි ලංකාවෙම ඉතිරියි නේ. ඒ ගැන හිතන්න තරම් ඔළුවක් ඔවුන්ට නෑ.

නිදහස් අධයාපනය කියල කිව්වට විශ්ව විද්‍යාලයට යන එකත් සූදුවක් වගේ, ඒ වගේම උසස් පෙලට ඒ 3ක් ගත්ත අයත් විශ්ව විද්‍යාලයට යන්නෙ නෑ, මොකද මාරාන්තික නවක වදය නිසා. මම අඳුනන කීප දෙනෙක්ම ඉන්නවා ඒ 2 ක් 3ක් අරගෙන, විශ්ව විද්‍යාල වලට තේරිලත් ගිය නැති අය. මින් බොහොමයක් කාන්තාවන්. ඒ වගේම වර්තමාන විශ්වවිද්‍යාල ක්‍රමය ගැන කලකිරුණු අයත් සිටිනවා. ඒත් ඔවුන්ට වැරදුනේ නෑ. විශ්වවිද්‍යාලය අතහැර වෘත්තීය අධ්‍යාපනය ලබා දැන් ඔවුන් ප්‍රමුඛ පෙල් ආ‍යතන වල ඉහල වෘත්තීන් වල යෙදෙනවා. ඒ වගේම දැන් ඔවුන් උපාධියක් හදාරනවා, රැකියාවකට නොව තමන්ගේ වටිනාකම වැඩි කරගන්න. අද ඔවුන් එක්කම ඉගෙන ගෙන විශ්ව විද්‍යාල වල වසර 6ක් 7ක් කට්ට කා පාරවල් අයිනෙ දූලි කකා ඉන්නවා පිකටිං කරනවා, තමන්ගෙ මෝටර් රථයේ වායුසමනයේ පහස ලබමින් සුමියුරු ගීතයකට සවන්දෙමින් බල බලාගෙන යනවා ඇති.

විශ්ව විද්‍යාලය යනු රැකියා කඩයක් නොවේ, මට කියන්න තියෙන්නෙ එච්චරයි!

Comments

Popular posts from this blog

අද එළිදකින්නට සිටි පුංචි පුතු ගැන