Posts

Showing posts from 2009

නිකමුන් උද්ඝෝෂණය කරති - වැඩකලවුන් උන් නිසා මහ මඟ ලතැවෙති.....

අදත් උපාධිධාරී උද්ඝෝශණයක්. රජයත් එක්ක තියෙන තරහ පිරිමහන්නෙ මහ ජනයගෙන් වගේ. පාරවල් පුරාම උන් සත්තු වගේ ඉන්නකොට මිනිස්සු වැඩ ඇරිල ගෙවල් වලට යන්නෙ කොහොමද? එහෙම හිතන්න බැරි මුන්ට රස්සා දුන්නාම දැනටත් වැනසිලා තියෙන රාජ්‍ය සේවය ට දෙයියන්ගේම පිහිටයි. මේ රජය පෙරලන්න වගේ උද්ඝෝෂණය කලාට එජාප රජයක් ආවම දෙයි රස්සා මේන් කියලා. හිටපු අවුරුද්දක කරපු දේවල් බැළුවාම එජාප ආණ්ඩුවකදී රාජ්‍යසේවයත් ‍පෞද්ගලීගරණය කරයි. එතකොටවත් මිනිස්සුන්ට පාරවල් වල කරදරයක් නැතුව යන්න පුළුවං වේවි. මේවගේ අවස්ථාවාදී උද්ඝෝෂණ මඩින්න ඕන ප්‍රේමදාස තියරියෙනුයි. එහෙම නැතුව හුරතල් කරල නං මේව නවත්වනව බොරු. රැකියා විරහිත උපාධිධාරීන් කියන්නේ කවුද, රැකියා නැති මිනිස්සුද? නෑ... මේ උද්ඝෝෂකයන් බොහොමයක් දෙනාට රැකියා තියෙනවා. ඔවුන්ගෙන් සමහරු පෟද්ගලික ආයතන වල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, සමහරු ටියුෂන් ගුරුවරු, ඒත් ඔවුන් රැකියා විරහිත පුද්ගලයන් ලු, මොකද ඔවුන්ට රජයේ රැකියාවක් නෑනේ, පිනට කකා බිබී ජොලියේ ඉන්න උපාධියට සරිලන වැටුපකින් යුත් රජයේ රැකියාවක් තමා ඔවුන් ඉල්ලන්නෙ. මොවුන් හට උපාධියෙන් නොලැබුනු වෘත්තීමය දැනුම දෙන වැඩසටහනකට සම්බන්ධවූ කෙනෙකු හැට

මගේ පුංචි පුතුට අප්පච්චීගෙන්....

අද ඉපදුනු පුංචි පුතුට ආදරයෙන් ලියමි, චූටි පුතේ, දින සති මාස ගනන් ඇඟිළි ගැණ ගැණ බලාගෙන උන්නු පුංචි අමුත්තා අද අපේ කැදැල්ලට ආවා. අම්මයි මායි වින්ද දුක් කඳුළු වල ඵල අද අපි බුක්ති විඳිනවා. පැටියෝ, අද ඔයාගෙ අම්මගෙයි මාගෙයි ඇස්වල පිරී තිබෙන සතුටෙහි අයිති කරුවා ඔයාමයි. ඒ වගේම ඔයා අපේ ඇස්වල තිබෙන සතුටට දුක් කඳුළු එක්කරන්නේ නෑ නේද පැටියෝ. ඔයා කුසට ආවා කියල දැනගත්ත දවසේ ඉඳලම අම්මා ඔයාව පණ වගේ ආරක්ෂා කලා. ඔයා අපේ ලෝකයට එන්න යනවා කියල දැනගත්ත දවසේ ඉඳලම අපි ඔයාව පිළිගන්න මඟ බලාගෙන හිටියා. ඔයා මේ ලෝකෙ එළිය දකිනා තුරුත් අම්මගෙයි මගෙයි ලෝක වල පිරිලා හිටියෙ ඔයාම විතරයි. ඔයා අම්මාගේ කුසේ පිළිසිඳ ගත්තට පස්සෙ අම්මා කෑවෙ, බිව්වෙ ඔයා ගැනම හිතලයි, ඔයාට හොඳ දේවල්ම විතරයි. ඔයාට හොඳනෑ කියල කව්රුහරි විහිළුවට හරි කියපු කෑමක් කොච්චර ආස වුනත් ඔයාගෙ අම්ම කටේවත් තිබ්බෙ නෑ. ඔයා මුළින්ම දඟලපු දවස අපිට හොඳටම මතකයි. අම්මි ඔයා දඟලනව කියල කිව්වාම මම කන තියාගෙන අහගෙන කොච්චර වෙලා බලාගෙන හිටියද. ඒ එක දවසක ඔයා රෑ දඟලන්නෑ කියල අම්ම බයවෙලා, අම්මයි මායි මුළු රෑම නිඳිනැතුව බලාගෙන හිටියා. මට ‍මූන නොපෙනෙන්න අම්මි එදා ගොඩාක් ඇඩුවා.

අන්තර්ජාලය බුද්ධිමත්ව භාවිතා කිරීම [Social Sites]

වර්තමානයේ තරුණ පරම්පරාව වැඩිවශයෙන්ම ගැවසෙන වෙබ් අඩවි අතර සමාජ වෙබ් අඩවි (Social Sites) මුල්තැනක් ගනී. ෆේස්බුක්, මයි ස්පේස්, හයි5 (Facebook, Myspace, HI5) ආදී ලෙස ඉතා විශාල සමාජ වෙබ් අඩවි වර්තමානයේ ඇත. තරුණ ළමයින් විශේෂයෙන්ම පාසැල් යන වියේ සිටින ළමුන් මෙම වෙබ් අඩවි නිසි ආකාරයෙන් පරිහරණය නොකිරීම නිසා විවිධ අපචාරයන්ට හා හිරිහැරයන්ට ලක්වූ අවස්ථා අප්‍රමාණය. එමෙන්ම ෆේස් බුක් නිසා තමන්‍ ගේ වෘත්තියෙන්ද වන්දි ගෙවීමට සිදුවුනු පුද්ගලයන්ද අප්‍රමාණය. ඔවුන් අතර ට මම කලින් වැඩ කල ආයතනයේ කළමණාකරුවෙකුද සිටින අතර ඔහු පුද්ගලිකව ආරම්භ කල ‍ආයතනයක් ගැන යහළුවන්ට (ෆේස්බුක්) කරන ලද දැනුවත් කිරීමක් එයට හේතු විය. ඔහුගේ යහළුවන් අතර ඔහුගේ බොස් ගේ යහළුවෙක් ද සිටි නිසා මේ දෙය සිදුවිය. අප යහළුවන් කියා එකතු කරගන්නා සියළුදෙනාම, ඇත්තටම අපේ යහළුවන් බව තහවුරු කරගෙන කටයුතු කිරීම අපගේ වෙබ් පිටුව අපචාර ක්‍රියාවන්ට/වැරදි පුද්ගලයන්ට හසුවීම වැලැක්වීමට කල හැකි මූලික දෙයකි. පහත වීඩියෝ පටයෙන් මේ ගැන වඩාත් තහවුරු කරගත හැක.

ශිහාන් මිහිරංග ( තවත් එක් ගායකයෙකු නොවූ.....)

Image
තවත් එක් ගායකයෙකු නොවූ.....ශිහාන් මිහිරංග අද මට ශිහාන් මිහිරංග ගැන කතා කරන්න හිතුවා. ශිහාන් මිහිරංග, ඇත්ත වශයෙන්ම කිව්වොත් මුල් කාලයේ මම අකැමතිම චරිතයක්. සිංදු කන තවත් එක චරිතයක් ලෙසයි මට ඔහුව පෙනුනේ. ඒ වගේම තමන්ගෙ කෙල්ල සිරස සුපර් ස්ටාර් තරු වලට වහ වැටෙන එක නවත්වන්නට ඉතාමහන්සිවී වැඩ කල කෙනෙකි මම. (කෙලින්ම කිව්වොත් සිරස සුපිරි තරු මට අරහං) ඒ කාලේ සෑම කොල්ලෙකුටම තිබ්බ ප්‍රශ්ණයක් නේ ඒක. ඒත් ඇයි මට ශිහාන් විශේෂ වුනේ..., ඒ මට ශිහාන්ව පෙනෙන්නේ ලෝකල් මයිකල් ජැක්සන් කෙනෙක් හැටියට. ඔහුගේ ගීතවලට මිනිස්සු කොච්චර බැන්න ද, ප්‍රබුද්ධයන් පත්තර ගනං ඔහුට විරුද්ධව ලියන්න ඇති. මටත් ඔහුගේ ගීත පෙනුනේ නිකං බොරු හෑල්ලක්, දුක් ගැනවිල්ලක් කියා විතරයි. නමුත් ඔහුගේ ගීත බොහොමයක් ඔහුම ලියා, ඔහුම සංගීතය යොදා කල බව දැනගත් විට මම පුදුමයට පත් වුනා. ඔහුගේ මුල් සීඩී තැටියේ තිබූ ගී ඇත්තටම ඔහුගේ හීනයන් වෙන්න ඇති. ඔහු‍ට අත්විඳීමට වූ ගැහැටයන් ඒ ගී තුලට ඔහු ඇතුලත් කරන්න ඇති. ඒක‍ට කවුරුවත් කරදර කරන්න නැතුව ඇති. මොකද සියළුම ගී ඔහුගේම නේ, සංගීතයත් ඔහුගේමනේ. ඒ නිසා බොක්කෙන්ම අවශ්‍ය දේ කියන්න ඔහුට පුළුවන් වුනා. ඒවගේම මිනිස්සු කො

විශ්ව විද්‍යාලය යනු රැකියා කඩයක් නොවේ, මට කියන්න තියෙන්නෙ එච්චරයි!

අදත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ පිරිසක් උපවාසයේ..., හැමදාම මොකක් හරි විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෝ සෙට් එකක් උපවාසය කරනවාමයි. මේ වැඩේ නැවතිලා තිබුනේ 2004-2005 ජවිපෙ ආණ්ඩුවත් එක්ක හිටපු කාලෙ විතරයි. මේ අය ආණ්ඩුව අතහැරියෙ මේ ප්‍රශ්ණ එයාල ආණ්ඩුවේ ඉඳගෙනවත් විසඳන්න බෑ කියල ද දන්නෙ නෑ..(මේ ප්‍රශ්ණ ප්‍රායෝගික නෑ කියල එයාලට තේරුනාට, එයාලගෙ පැවැත්මට උද්ඝෝෂණ ඕනම නේ..) මේ ළඟදි පත්තරේක දැක්ක, මහා ශිෂ්‍ය සංගමයේ ආධාර උපකාර ප්‍රතික්ශේප කරල, අහිංසකව සාධාරණ ඉල්ලීම් ඉල්ලල, ඉල්ලීම් දිනාගත්ත පිරිසක්. එයාලට ඒ ඉල්ලීම් දිනාගන්න ලැබුනෙ, ඒ ප්‍රශ්ණය දඩමීමා කරගෙන ගහමරා ගන්නෙ නැතුව මාරාන්තික මහා ශිෂ්‍ය සංගමය ප්‍රතික්ශ්පකර එය කල නිසා වගක්ද මට අහන්න ලැබුනා. මේ විදිහට ගියොත් මහා ශිෂ්‍ය සංගමයත් ජවිපෙ වගේ අවලංගු කාසියක් වෙයි කියල දැන් ඒවගේ අසම්මත පිකටින් තියන්න ශිෂ්‍ය සංගම් වලට වාරණයක් කරයිද දන්නෙ නෑ. අද කාලෙ සරසවියට යන්නෙ අනිවාර්යයෙන්ම රජයේ රැකියාවක් ගන්න, බල කරල ගන්න පුළුවං කියන හැඟීම නිසා නේ. ඒත් විශ්ව විද්‍යාල කියන්නේ රැකියා සඳහා පුහුණු කරන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් නොවන බව අද මේ මිනිසුන්ට අමතක වෙලා ද කොහෙදෝ..(මේකට වර

ලංකාවේ සිටිද්දීම ලංකාවේ පුරවැසිකම අහිමි වූ මම.....,

හුඟ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා... ඒත් අද මං හිතා ගත්ත මගේ දුක කියන්නවත් මගේ ජීවිතය පාවිච්චි කරන්න ඕන කියලා. මම මේ වන විට මගේ රටේ පුරවැසි කම අහිමි වුනු තැනැත්තෙක්. (ඒ කියන්නේ මාව මේ ලෝකෙ කිසිම රටකට අයිති නෑ... අයියෝ මට හරි පාළුයි වගේ.....) ඒක නිකං අපබ්‍රංසයක් වගේ දෙයක් නිසා කතාවම කියන්නම්. මගේ ජාතික හැඳුනුම් පත දැන් හොඳටම දිය වෙලා, නම් නං හොයාගන්නවත් බෑ.. පොලීසියෙන් චෙක් කරනකොට මේක ඉක්මනින් හදාගන්න කියල මාව යවන්නේ, මගේ මූනෙ තියෙන අහිංසක කමට වෙන්න ඇති., ඒත් මගේ අයිඩින්ටිය හදාගන්න ඕන කියන එක මගෙ හිතේ තිබුනා. ඒත් ඒකට වෙනම නිවාඩු දාල මාර රස්තියාදුවතක් වෙලා කරන්න ඕන දෙයක් නිසා කල් දදා හිටියා. මේ දවස් වල E.P.F එක පරිගණක ගත කරනවනේ, ඒකට මාත් ෆෝම් පුරවගෙන ගියාම මගේ අයිඩින්ටිය භාරගන්න බෑ කියල කියුවා. මොකද ඒක මට ආය සල්ලි ගනිද්දි ප්‍රශ්ණයක් වෙයි කියලා. ඒ පාර නං මගේ හැඳුනුම් පත ඉක්මනටම හදනවා කියල හිතා ගත්තා. (ඒත් ඒකට වෙලාවක් හමුබවුනේ නෑ) ඔය අස්සේ මට අඩුගානට ඩ්‍රයිවින් කියල දෙන අඳුරන තැනක් හමුබවුනා. (මගේ මාමගෙ පුතා යන කොට මාව බලෙන්ම අරගෙන ගියා.) එහෙනං එතකොට මට ලයිසන් එකවත් තියෙනවනේ, ආය ජ

පැනඩෝල් මාරාන්තිකයි! - උපරිම මාත්‍රාවත් අක්මාවට අහිතකරයි!

Image
ඩෙංගු වලට පැනඩෝල් ම පමණක් භාවිතා කරන්න! යන්න මීට වසර කීපයකට පෙර මාධ්‍යන්හී ඩෙංගු රෝගය අධික කාල වලදී ප්‍රචාරණය වූවකි. එයට හේතුව වූයේ ඩෙංගු රෝගයට ඩිස්ප්‍රීන් (ඇස්ප්‍රීන් විස වන බැවිනි.) නමුත් දැන් සොයාගෙන ඇති ආකාරයට පැරසිටමෝල් හි උපරිම මාත්‍රාවද ඉතාම මාරාන්තික බවයි. අතීතයේ දී ලංකාව ඇතුළු මුළු ලො‍්කයේම ප්‍රධාන වේදනා නාශකය වූයේ ඇස්ප්‍රීන් ය. (ඩිස්ප්‍රීන් ) පැරසිටමෝල් අඩංගු ඖශධ රෝගීන් භාවිතා කලේ ඉතාමත් අඩු වශයෙනි. නමුත් ඩෙංගු රෝගය හේතුවෙන් මෙම මතය කනපිට හැරුණු අතර ඩෙංගුරෝගය නිසාම කාලාන්තරයක් පැවති ප්‍රභ වේදනා නාශකයක් වූ ඩිස්ප්‍රීන් වෙළඳපොලෙන් තල්ලුකිරීමට පෙනඩෝල් වලට හැකිවිය. (ඩෙංගු යනු ඩිස්ප්‍රීන් අධිකාරය නැතිකිරීමට පැනඩෝල් මගින් කෘතිමව සකස් කර මුදා හැරුණු විශබීජයක් බවටද කතාවක් ඇත.) ඩෙංගු ආගමනයත් සමඟ වෙළඳපොල ජයගත් පැනඩෝල් ඇමරිකාව ඇතුළු ප්‍රධාන පෙලේ රටවල් විසින් තහනම් කිරීමට පටන්ගෙනව ඇත. ඇමරිකාව මේ වන විට පෙනඩෝල් අන්තරායකර ‍ඖශධ ගෝන්නට එකතු කර ඇත. දිවයින පුවත්පතේ‍ ලිපිය- ලොව පුරා විශාල වශයෙන් භාවිත කෙරෙන වේදනා නාශකයක්‌ වන පැරසිටමෝල් වර්ගවල දැනට නියම කර ඇති උපරිම මාත්‍රාවන් අක්‌මාව අක්‍රීයවීම

බුදු රුව සහිත හරක් මස් පැකට් මැගී හරහා ඔබ වෙත එවන නෙස්ලේ....,

Image
මැගී නූඩ්ල්ස්..., ලංකාවේ හැමෝම දන්නා නමක්..., ලොකු පොඩි හැමෝටම හොඳයි කියා විකුණන මැගී නිශ්පාදන වලට බුදු පිලිමයක් සහිත මේසයක රුවක්ද එක්කර ඇති බව ඔබ දන්නවාද..., ඒ එක්සත් රාජධානියේ හරක් මස් නිශ්පාදනයකටයි. එහි වැකිය ලෙස දමා ඇත්තේ, ''හරක් මස්, බුදුන්ගේ ප්‍රියතම ආහාරයයි..'' (Beef the favorite of Lord Buddha) ලෙසටයි. මෙම රුව එක්කිරීමෙන් නෙස්ලේ ආයතනය බලාපොරොත්තු වූයේ කුමක්දැයි නොදන්නා මුත් මෙය බෞද්ධයන්ට කල බලවත් අසාධාරණයක් බව හා ගෞතම බුදුන්ට කල නිග්‍රහයක් බව පැහැදිලිය. මෙය 2007 වසරේ දී නිකුත්වූවක් බව කරුණාවෙන් සලකන්න. මේවන විට එම රුව වෙනුවට චීන මහා ප්‍රාකාරයේ රුවක් එක් කර ඇත. OH LORD ! FORGIVE THEM FOR WHAT THEY DO NOT KNOW by Dr. Tilak S. Fernando reporting from London Time is ripe for the Buddhist communities throughout the world to pray deafeningly in ‘Christian fashion’ and say ‘Oh Lord forgive them for what they not know’ at a time when Western adverting firms are becoming bizarrely cheeky and pay no respect or any regard to Lord Buddha, one of the great philosop

මාරාන්තික ඩෙංගු රෝගයට‍ වලට ශාඛමය ප්‍රතිකාරයක්.... පැපොල් වලින් ඩෙංගු වලට පිහිටක්

Image
‘ පැපොල් ගෙඩියේ සාරයෙන් සාදන පානය ඩෙංගුරෝගයෙන් විනාශ කරන රුධිර සෛල නැවත වර්ධනය කිරීමට සමත් ගුණයෙන් යුක්තය. නමුත් ඊටත් වඩා පැපොල් කොළ මිරිකා ගන්නා සාරය ඉතාමත්ම ගුණදායක ය. සාමාන්‍යයෙන් පැපොල් කොළයකින් සාරය ලබාගත හැක්කේ තේ හැන්දක් වැනි ප්‍රමාණයක් පමණි. සාමාන්‍යයෙන් තේ හැඳි දෙකක් (කොළ දෙකක්) දවසකට ප්‍රමාණවත්ය. ‍ ’ ඩෙංගු..., මේදිනවල මුළුරටම වෙලා‍ගෙත් භයානක භීතිකාව ඩෙංගුය. වර්ශාව කාලයට නැගිටින පායන කාලයට අක්‍රියව සිටින මෙම භයානක රෝගය නිසා සියළු ජනතාවට අද ඉතාමත් සැකයෙන් යුතුව ජීවත් වීමට සිදුවී ඇත. කොළඹ, මහනුවර ඇතුළු ප්‍රධාන පෙලේ රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරී ඇති අතර මේවන ‍විට එය වසංගතයක් ආකාරයෙන් පැතිරයයි. ඩෙංගු රෝගය අනෙක් උණ රෝග වලින් වෙනස් වන්නේ මෙම රෝගයෙහි උස්සන්න අවස්ථා වන විට ලේ වල අඩංගු ප්ලාස්මා සෛල ප්‍රමාණය සීග්‍රයෙන් අඩු කරවීමයි. ඒත් සමගම රෝගියාට ලේ පිටින් සැපයිය යුතු අතර මෙම ආකාරයට රෝගය වර්ධනය වූ රෝගියෙකු බේරා ගැනීමට බොහෝ වෙහෙසක් ගැනීමට සිදුවේ. ඩෙංගු සඳහා තවමත් නිශ්චිත ‍බෙහෙතක් නොමැති කමද මෙම රෝගය වර්ධනයට බලපා ඇති ප්‍රධාන සාධකයකි. නමුත් මෙම රෝගයෙන් බැට

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය හා කැළණිය විශ්ව විද්‍යාලය

Image
පසුගිය ජූනි 11 දින කැළණිය විශ්ව විද්‍යාලයට ගම්වාසීන්ගේ ප්‍රහාරයක් එල්ලවිය. මහා ශිෂ්‍ය සංගමයට අනුව නම් ඒ දෙය කරන ලද්දේ අමාත්‍ය මර්වින් සිල්වා විසිනි. නමුත් ජ. වි. පෙ හි අතකෙළුවක් වූ මහා ශිෂ්‍ය සංගමය හැරුණුකොට ස්වාදීන මතධාරී කිසි කෙනෙක් එය එසේයැයි කියන්නේ නැත. බොහෝ දෙනා, ගම්වාසීන් ද පවසන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික උළෙල අවසානයේ දී බීමත් ශිෂ්‍යයන් විසින් කරන ලද පහරදීමක් මෙම සිද්ධියට හේතුවූ බවය. සත්‍ය කුමක්දැයි තවමත් අබිරහසකි. නමුත් මැර දේශපාලනය කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් තුල මැරවරයන් සිටින බව නම් සක් සුදක් සේ පැහැදිලිය. ප්‍රධාන ම‍ාර්ගයේ ගමන් ගත් බස්රථවල ඇතුළු මෝටර් රථ වලටද විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පහර දීම සම්බන්ධව වෙනත් ආකාරයකින් අර්ත කථනය කල නොහැක. විශ්ව විද්‍යාලය ඉගෙනුම් මධ්‍යස්ථ‍ානයකි. එයින් පිටවිය යුත්තේ දැනුමෙන් සන්නද්ධවූ රටෙහි අනාගතය භාරගැනීම‍ට හැකි පරිපූර්ණ කොට්ඨාශයකි. නමුත් වර්තමානයේ එය එසේම සිදුවන්නේද? අද විශ්ව විද්‍යාලය යනු රජයේ රැකියාවක් ලබාගැනීමට හැකි හොඳම මඟයි. එසේම විශ්ව විද්‍යාලයෙන් පිටවන සැමට රජයේ රැකියාවක් තිබිය යුතු බව ඔ

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝහී හා අර්ධ සුඛෝපභෝහී බස්රථ....

ලංකාවේ බොහෝ මාර්ගවල සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී නම් එල්ලා ගත් බස්රථ ධාවනය වේ. නම්ත් ඒ නම් මිනිසුන්ගෙන් වැඩිපුර මුදල් අයකිරීම සඳහා පමනක්ම වෙන්වූවක්ද, නැත්නම් තිබියයුතු පහසුකම් මොනවාද යන්න බොහෝ දෙනා, එනම් මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් ද නොදන්නා කරුණකි. මා දන්නා ලෙසට සුඛෝපභෝගී නම සඳහන් බස්රථ , 01. හොඳඟින් වායුසමනය කර තිබිය යුතුය. 02. මගීන් අසුන් වල ප්‍රමාණයට පමණක් නංවා ගත යුතුය. 03. නියමිත ගාස්තුව සාමාන්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයකි. 04.අසුන් සුවපහසු විය යුතුය. එසේම අර්ධ සුඛෝපභෝගී යනුවෙන් ඇති බස්රථ , 01. මගීන් අසුන් වල ප්‍රමාණයට පමණක් නංවා ගත යුතුය. 02. නියමිත ගාස්තුව සාමාන්‍ය ප්‍රමාණය මෙන් එක හමාරකි. 03.අසුන් සුවපහසු විය යුතුය. නමුත් මේවායින් නිවරදිව, ඉතාමත් හොඳින් කෙරෙන්නේ වැඩිපුර මුදල් ලබා ගැනීම පමණක් යැයි මට හැඟේ. මාගේ උදාහරණයට යොදාගන්නේ, පානදුර - මහ නුවර බස්මාර්ගය, කඩුවෙල - කොල්ලුපිටිය සු‍ෝපභෝගී බස්රථ හා මහනුවර - කොළඹ සුඛෝපභෝගී බස් රථයි. මෙහිදී පානදුර - නුවර හා කඩුවෙල කොල්ලුපිටිය බස් ධාවනය වන්නේ බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අසලිනි. තත්වය එසේ වුවත් මෙම බස්වල ඉහත සඳහන

මිනිසුන් ගේ අනුකම්පාව ප්‍රයෝජනයට ගෙන කෙරෙන වංචා වලට තිත තියමු.

Image
‍ මිනිසුන්ගේ අනුකම්පාවෙන් ඔවුන් ගොනාට ඇන්දවීම මේ දිනවල බහුලව ලැබෙන ඊ-මේල් එකකි, ' An Urge..... Pleeeeeeez ,Read this..& forward ' යන මාතෘකාව ඔස්සේ එන සානුකම්පික ඉල්ලීම. (මෙම ලිපිය 2007 දී FW: Pleeeeeeez ,Read this... ලෙස හා 2008 දී FW: Pleeeeeeez ,Read this...... really important. ... ලෙස මා හට ලැබිනි.) එම ලිපියෙන් හුදෙක්ම අපගෙන් ඉල්ලා සිටින්නේ, අනේ මේ ලියුම පුළුවන් තරම් අය අතර පතුරුවා හරින්න., එවිට ඒ එක ලිපිනයකට ශත 5 (රුපියල් ද ඩොලර්ද යන්න සඳහන්ව නැත.) බැගින් මගේ ගිණුමට AOL බැර කරනවා, යනුවෙනි. ඒ මුදල්, මේ ලිපිය එවනා නිරෝශා සිල්වා නැමැත්තිය ගේ සැමියාගේ සැත්කම සඳහා යොදාගන්නා බවත්ය. එසේම ඇයට අවශ්‍ය ලක්ෂ 5ක් බවත් ලක්ෂ 3ක් තිබෙන බවත් ලක්ෂ 2ක් සොයා ගැනීමට මෙසේ කටයුතු කරන බවත් ඇය සඳහන් කර ඇත. නමුත් මේ ලිපිය මුල් වරට දුටු මා හට ඇතිවූ ප්‍රශ්ණය වූයේ මොලය හානිවී ඇති ඇගේ සැමියා අවුරුදු 2ක් යන තෙක් තබාගත් රෝහල කුමක්ද කියාය. (රජයේ රෝහලක නං සැත්කම නොමිලේම සිදු කරන අතර පුද්ගලික රෝහලක මාස 1ක් හෝ දැඩි සත්කාර ඒකකයක තබාගැනීම රුපියල් ලක්ෂ 5කට ත් අධිකව යන කාරණාවක් බැවිනි.) මන්ද යත් මා මෙම

ජයග්‍රාහී අනාගතයක පෙර නිමිති....!

Image
ශ්‍රී ලංකාව නැවතත් තම අභිමානය ලොවට පෙන්වුයේය..., ඔවුන් ලක් මවට තවත් ජයග්‍රහණයක් අත් කර දුන්නේය. සුපිරි කැන්ගරුවන්ව ගෙදර යැවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායටම ජය වේවා! ශ්‍රී ලංකාව කියන පුංචි රට බොහෝ ලෝක වාසීන් දැන ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාව නිසාය. මේ පුංවි දිවයිනෙන් උපන් සිංහ පෝතකයන් තණතිල්ලේ තවම අභිමාණය පතුරුවදිදී මුළු ලෝකයම ඔවුන් දෙස බලා සි‍ටියේය. අපේ රට ගැන, අපි ගැන ලෝකයෙහි අවධානය යොමුකලේ ඒ නිසාය. 1996 ලෝක කුසලානය දිනා ලෝකයට බලපෑම් කල හැකි, ක්‍රිකට් කප්පිත්තන්ට බලපෑම් කල හැකි රටක් බව හඩ ගා කීවේය. අපේ ක්‍රිකට් කණ්ඩායම රටේ මිලේච්ඡ ත්‍රස්තවාදයටද මරු පහරක් විය. සිංහලයන් අනෙක් ජාතීන් පාගා දමන මිලේච්ඡ ජාතියක් බව කොටින් කියද්දී රටේ සියළුම ජාතීන් හා ආගම් වලින් සැදුම් ලත් අපේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව වෙනුවෙන් නැගී සිටියේය. එකමුතුව තරඟ බිමට පිවිසියේය. එකමුතු කමින් ජය ලැබුවේය. ඒ නිසාම අපේ ක්‍රිකට් කණ්ඩායම විනාශ කරන්න ත්‍රස්තයන් මහත් උත්සාහ කලහ. පකිස්තානයේ ලාහෝර් නුවරදී එහි උච්චතම අවස්ථාව එළඹියද විශ්මය ජනක ලෙස එම අනතුරෙන් බේරී නිරුපද්‍රිතව මව්රටට සැපත් විය. කටුක වූ මානසික හිංසනයන් මැද්දේ, ලාහොර් සි

Hoardings, which was in CANADA - ජනාධිපතිතුමාගේ මතය ලෝකයට ගෙනයාමට....,

Image
Thoughts of the GREATEST PRESIDENT IN SRI LANKA HISTORY... තුන් හෙළයම එක්සේසත් කල උදාර ජන නායකයාගේ අදහස්......, Yes Mr. President You is the Greatest! මෙම දැන්වීම් පුවරු කැනඩාවෙහි ප්‍රදර්ශණය වූ ඒවා බව කරුණාවෙන් සලකන්න.

SRI LANKA NOW INDEPENDENT FREE COUNTRY

Image

Real FREEDOM!!! :: සැබෑ නිදහස

Image
Do you think.., This Smiles are Fake Do you think..., They are Suffering? This is the True Life of Relief Camps! "If you want to know the real taste of wild berries, then ask the children", goes an age old saying. That suggests that children never lie. Because they do not know to lie, and even if they attempt to do so, they can never really hide it. The recent deportation of a news crew belonging to BBC's Channel 4 for defaming the government and security forces through their reporting, laid bare the actions of some sections of the international media to manipulate their viewers purely for commercial purposes. While sensationalising news may be a tool used by some media for their own advantage, to do so in the current Sri Lankan scenario is a despicable act. ඔවුන්ගේ සිනහව දෙස බලන්න, එම සිනහව ව්‍යාජ එකක් ලෙස ඔබ හිතනවාද? ඔවුන්ගේ දෑස් දෙස බලන්න, ඔවුන් බොහෝ දුක් විඳිනා වගක් ඔබට දැකිය හැකිද? මේ සුභසාධක කඳවුරුවල සැබෑ ස්වරූපයයි. බී.බී.සී හි කඳවුරු