ශ්‍රී ලංකාවේ සුඛෝපභෝහී හා අර්ධ සුඛෝපභෝහී බස්රථ....

ලංකාවේ බොහෝ මාර්ගවල සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී නම් එල්ලා ගත් බස්රථ ධාවනය වේ. නම්ත් ඒ නම් මිනිසුන්ගෙන් වැඩිපුර මුදල් අයකිරීම සඳහා පමනක්ම වෙන්වූවක්ද, නැත්නම් තිබියයුතු පහසුකම් මොනවාද යන්න බොහෝ දෙනා, එනම් මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් ද නොදන්නා කරුණකි.

මා දන්නා ලෙසට සුඛෝපභෝගී නම සඳහන් බස්රථ ,
01. හොඳඟින් වායුසමනය කර තිබිය යුතුය.
02. මගීන් අසුන් වල ප්‍රමාණයට පමණක් නංවා ගත යුතුය.
03. නියමිත ගාස්තුව සාමාන්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයකි.
04.අසුන් සුවපහසු විය යුතුය.

එසේම අර්ධ සුඛෝපභෝගී යනුවෙන් ඇති බස්රථ ,
01. මගීන් අසුන් වල ප්‍රමාණයට පමණක් නංවා ගත යුතුය.
02. නියමිත ගාස්තුව සාමාන්‍ය ප්‍රමාණය මෙන් එක හමාරකි.
03.අසුන් සුවපහසු විය යුතුය.

නමුත් මේවායින් නිවරදිව, ඉතාමත් හොඳින් කෙරෙන්නේ වැඩිපුර මුදල් ලබා ගැනීම පමණක් යැයි මට හැඟේ.

මාගේ උදාහරණයට යොදාගන්නේ, පානදුර - මහ නුවර බස්මාර්ගය, කඩුවෙල - කොල්ලුපිටිය සු‍ෝපභෝගී බස්රථ හා මහනුවර - කොළඹ සුඛෝපභෝගී බස් රථයි.

මෙහිදී පානදුර - නුවර හා කඩුවෙල කොල්ලුපිටිය බස් ධාවනය වන්නේ බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අසලිනි. තත්වය එසේ වුවත් මෙම බස්වල ඉහත සඳහන් කරුණු වලින් ගාස්තු වැඩිවීම ඇරෙන්නට අනෙක් දෑ නොමැති තරම් ය.

කඩුවෙල ඒසී බස් වල ෆුට් බෝඩ් වලද මිනිසුන් පටවාගෙන යති. එම බස් රථ වල ආසනයක් ලබා ගැනීමට ඉතාමත් අපහසුය, එමෙන්ම මැද ආසනද දැමීමට ඉඩ දෙන්නේ නැත. එසී නැත, කවුරුත් අල්ලන්නේද නැත.

එමෙන්ම පානදුර මහනුවර මාර්ගයේ (නව මහනුවර මාර්ගයේ )පානදුර සිට බැළුම්මහරට කෙලින්ම යන්න පුළුවන් බස් රථයකට ඇත්තේ පානදුර සිට යන මහනුවර බස් රථය පමණි. (කුරුණෑගල, ආදී බස් තිබුනද ඒවා කාර්යාල වේලාවන්හිදී පමණි.) පානදුර මහනුවර පුද්ගලික බස් අර්ධ සුඛෝපභෝගීය. නමුත් නුගේගොඩ, කොස්වත්ත, මාලඹේ, කඩුවෙල, වැලිවේරිය ආදී ප්‍රදේශ වලට කෙලින්ම යන්නට පුළුවන් බස්රථයකට ඇත්තේ මෙම බසය පමණි. එම නිසා මෙම බස් සැමවිටම හොඳටම මිනිසුන් පටවාගෙන ගමන් කරයි. ආසන කෙසේවෙතත් පය ගසාගන්නට ස්ථානයක් සොයාගැනීම ද තරඟයකි. එසේම සියළුම බස්නැවතුම්පල වල කොට කොටා යන්නටද මෙම බස්රථ ප්‍රසිද්ධය. මගී ප්‍රවාහන අධිකාරිය අසලින් මෙම බස්රථ මගීන් එල්ලාගෙන ගමන් කිරීම එහි වගකිවයුත්තන්ගේ ඇස නොගැටීම ප්‍රශ්ණයකි.

එසේම කොළඹ-මහනුවර බස්රථ වලද ඉහත කී දෑ නොඅඩුව තිබේ. එසේම මහනුවර දී බසයට නඟින්නන් අනිවාර්යයෙන්ම කොළඹට ම ටිකට් ගතයුතු බවට නීතියක්ද ඔවුන් අතර ඇත. එනම් කෑගල්ල, වරකාපොල ආදී ප්‍රදේශ වලින් බසිනා මගීන් ද සම්පූර්ණ මුදල දී ටිකට් පතක් ලබා ගැනීම අනිවාර්ය කරුණකි.

මතු සම්බන්ධයි...

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය හා කැළණිය විශ්ව විද්‍යාලය