ජයග්‍රාහී අනාගතයක පෙර නිමිති....!

ශ්‍රී ලංකාව නැවතත් තම අභිමානය ලොවට පෙන්වුයේය..., ඔවුන් ලක් මවට තවත් ජයග්‍රහණයක් අත් කර දුන්නේය. සුපිරි කැන්ගරුවන්ව ගෙදර යැවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායටම ජය වේවා!


ශ්‍රී ලංකාව කියන පුංචි රට බොහෝ ලෝක වාසීන් දැන ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාව නිසාය. මේ පුංවි දිවයිනෙන් උපන් සිංහ පෝතකයන් තණතිල්ලේ තවම අභිමාණය පතුරුවදිදී මුළු ලෝකයම ඔවුන් දෙස බලා සි‍ටියේය. අපේ රට ගැන, අපි ගැන ලෝකයෙහි අවධානය යොමුකලේ ඒ නිසාය. 1996 ලෝක කුසලානය දිනා ලෝකයට බලපෑම් කල හැකි, ක්‍රිකට් කප්පිත්තන්ට බලපෑම් කල හැකි රටක් බව හඩ ගා කීවේය.
අපේ ක්‍රිකට් කණ්ඩායම රටේ මිලේච්ඡ ත්‍රස්තවාදයටද මරු පහරක් විය. සිංහලයන් අනෙක් ජාතීන් පාගා දමන මිලේච්ඡ ජාතියක් බව කොටින් කියද්දී රටේ සියළුම ජාතීන් හා ආගම් වලින් සැදුම් ලත් අපේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව වෙනුවෙන් නැගී සිටියේය. එකමුතුව තරඟ බිමට පිවිසියේය. එකමුතු කමින් ජය ලැබුවේය. ඒ නිසාම අපේ ක්‍රිකට් කණ්ඩායම විනාශ කරන්න ත්‍රස්තයන් මහත් උත්සාහ කලහ. පකිස්තානයේ ලාහෝර් නුවරදී එහි උච්චතම අවස්ථාව එළඹියද විශ්මය ජනක ලෙස එම අනතුරෙන් බේරී නිරුපද්‍රිතව මව්රටට සැපත් විය.

කටුක වූ මානසික හිංසනයන් මැද්දේ, ලාහොර් සිද්ධියෙන් පසු අප කණ්ඩායම ක්‍රීඩා කරන මුල්ම තරඟාවලිය වූයේ 20යි 20 ලෝක කුසලාන තරඟාවලියයි. කණ්ඩායම නැවත සුපුරුදු රිද්මයට අවතීර්ණ වූයේදෝ... වැනි අවිනිශ්චිත හැඟීම් ද සමඟින් නවක නායක කුමාර් සංගක්කාර පිටියට පිවිසියේ අවාසිය තම පිල දෙසට එල්ලවී තිබියදී ය. ඒද ලෝක ශූර ඔස්ට්‍රේලියානුවන් ට එරෙහිව ක්‍රීඩා කරන්නටය.

අවාසිය ඔච්චම් කලද කාසියේ වාසිය සංගක්කාර දිනා ඔස්ට්‍රේලියානුවන්ට පිතිකරණයට ආරාධනා කලේ මෙය අපට කල හැකියි යන අධිශ්ඨානයෙන් විය යුතුය.

ප්‍රභල ඔස්ට්‍රේලියානුවන් ලකුණු 159කට සීමා කරන්නට ලසිත් මාලිංග හා අජන්ත මෙන්ඩිස් සමතු වූයේ කඩුළු තුන බැගින් තමන් සතු කරගනිමිනි. නවක ක්‍රීඩක ඉසුරු උදානද කඩුළු දෙකක් දවා ගත්තේ සුපිරි ක්‍රීඩකයෙකුගේ ලක්ෂණ ප්‍රකට කරමිනි.
ඉන් පසු පිටියට පිවිසි ශ්‍රී ලාංකා පිල පන්දුවාර 19 කදී කඩුළු 5 ක් දැවී 160ක් ලබා ජය වාර්තා කලේය. මෙහිදි නායක කුමාර් සංගක්කාර නොදැවී ලබා ගත් ලකුණු 55 තීරණාත්මක මෙහෙයක් ඉටු කලේය.
මෙම ජයග්‍රහණය නිසා‍ 1992 න් පසු ලෝක ශූර ඔස්ට්‍රේලියානුවන් තරඟාවලියක මුල් වටයෙන්ම ඉවතට විසි විය.

සුපිරි කැන්ගරුවන්ව දණ ගස්වා උපන් බිමට ජය පිට ජය ලබා දෙන අපේ ක්‍රිකට් වීරයන්ට මාගේ ‍හෘදයාංගම ස්තූතිය...!






Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය හා කැළණිය විශ්ව විද්‍යාලය