ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය හා කැළණිය විශ්ව විද්‍යාලය




පසුගිය ජූනි 11 දින කැළණිය විශ්ව විද්‍යාලයට ගම්වාසීන්ගේ ප්‍රහාරයක් එල්ලවිය. මහා ශිෂ්‍ය සංගමයට අනුව නම් ඒ දෙය කරන ලද්දේ අමාත්‍ය මර්වින් සිල්වා විසිනි. නමුත් ජ. වි. පෙ හි අතකෙළුවක් වූ මහා ශිෂ්‍ය සංගමය හැරුණුකොට ස්වාදීන මතධාරී කිසි කෙනෙක් එය එසේයැයි කියන්නේ නැත. බොහෝ දෙනා, ගම්වාසීන් ද පවසන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික උළෙල අවසානයේ දී බීමත් ශිෂ්‍යයන් විසින් කරන ලද පහරදීමක් මෙම සිද්ධියට හේතුවූ බවය.

සත්‍ය කුමක්දැයි තවමත් අබිරහසකි. නමුත් මැර දේශපාලනය කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් තුල මැරවරයන් සිටින බව නම් සක් සුදක් සේ පැහැදිලිය. ප්‍රධාන ම‍ාර්ගයේ ගමන් ගත් බස්රථවල ඇතුළු මෝටර් රථ වලටද විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පහර දීම සම්බන්ධව වෙනත් ආකාරයකින් අර්ත කථනය කල නොහැක.

විශ්ව විද්‍යාලය ඉගෙනුම් මධ්‍යස්ථ‍ානයකි. එයින් පිටවිය යුත්තේ දැනුමෙන් සන්නද්ධවූ රටෙහි අනාගතය භාරගැනීම‍ට හැකි පරිපූර්ණ කොට්ඨාශයකි.


නමුත් වර්තමානයේ එය එසේම සිදුවන්නේද? අද විශ්ව විද්‍යාලය යනු රජයේ රැකියාවක් ලබාගැනීමට හැකි හොඳම මඟයි. එසේම විශ්ව විද්‍යාලයෙන් පිටවන සැමට රජයේ රැකියාවක් තිබිය යුතු බව ඔවුන් අදහති. ඔවුන් රජයේ රැකිය‍ාවක් ම සොයන්නේ ඇයි...., රජයේ රැකියා වල නිදහස වැඩිය, පුද්ගලික අංශයේ දවසක දී කරන කාර්යය ඔවුන්ට සතියක් දෙකක් පමණ වුව ඇදගෙන යාහැක. ටාගට් නැත, අද මෙය කල යුතුම කියා කවරෙකුවත් කියන්නේ නැත. පන්න පන්න වැඩ ගන්නේ නැත. බලපෑම් කලොත් වෘත්තීය සමිති හරහා බලපෑම් කරන ලද තැනැත්තාව ඉවත් කල හැක. මෙය අද නටඹුන්වී ගිය රාජ්‍ය සේවයෙහි සැබෑ ස්වරූපයයි. මෙම නිදහස හා‍ වගකීම් රහිත රැකියාවක් තකා ඔවුන් වසර හතර පහ රජයේ මුදලින් විශ්ව විද්‍යාලයේ ගෙවා දමති.


එසේම පුද්ගලික අංශය ලංකාවේ විශ්ව විද්‍යාල උපාධියක් ඇති කෙනෙකු දිහා බලන්නේද වපර ඇහිනි. ඒ නිති පතා උද්ඝෝෂණය කරන, ඉල්ලීම් ඉල්ලා සැම විටම සටන් වදින මේ මිනිසුන් නිසා තමනුත් තම සේවකයනුත් යම් දිනක පාරට වැටේද යනුවෙනි.


විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පුද්ගලික විශ්ව විද්‍යාලයන්ට අකැමතිය. ඔවුන් එයට හේතුව ලෙස පවසන්නේ, පුද්ගලික විශ්ව විද්‍යාල නිසා නිදහස් අධ්‍යාපනය වන බවයි, නමුත් දෙලක්ෂයක් පමන වන විශ්ව විද්‍යාල අයදුම් කරුවන්ගෙන් දෙදහසක් පමනක්ඒ නිදහස් අධ්‍යාපනය හිමිකරගැනීම ගැන කතා කරන්නේ නැත. ඉතිරි එක්ලක්ෂ අනූ අට දහසට සිදුවූ අසාධාරණය ගැන ඔවුන් හිතන්නේ නැත. නිදහස් අධ්‍යාපනය කෙසේ වෙතත් අධ්‍යාපනය ලැබීමේ මූලික අයිතියද ඔවුන් අභියෝගයට ලක් කරති.


වර්තමානයේ ලංකාවේ විශ්ව විද්‍යාල උපාධිදරයින්ට වඩා පිටරට උපාධියක් හැදෑරූ පුද්ගලයන්ට රැකියාවක් ලැබීමේ ප්‍රවණතාවය වැඩිය. ඒ දේශපාලනය, මානව හිමිකම් ආදියෙන් හිස උදුම්මවා ගත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සේවය ලබා ගැනීමට වඩා මුදල් වියදම් කර බොහෝ මහන්සිවී පිටරට උපාධියක් ලබාගත්තෙකුට සේව්‍යයන් වඩා ඇල්මක් දක්වන බැවිනි. විශ්ව විද්‍යාල ගිෂ්‍යයන් මුරන්ඩු, අශීලාචාර පිරිසක් ලෙස හංවඩු ගැසී ඇති බැවිනි.


පිටදී විශ්ව විද්‍යාලවල පවත්නා තත්වය අභියෝගයට ලක් කර කතා කරන සිසුන්ද විශ්ව විද්‍යාලය තුලදී ඒ අමන මතයම කරපින්නාගෙන පිකටිං කරති, උද්ඝෝෂණය කරති. එයට හේතු විමසූ විට නැත්නං අපිට විශ්ව විද්‍යාල තුල රැදෙන්නට බෑ.. යනුවෙන් කියති. එනම් විශ්ව විද්‍යාල තුල ඇති මාෆියාවෙන් බේරී සිටීමට නං ඒත්සමඟම සිටිය යුතු බවයි. නමුත් ඔය කෑ ගහන බොහෝ දෙනා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ඒ සියල්ල අතහැර දමති.


අද වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය බරපතල ලෙස අභියෝගයට ලක් වී ඇත. බොහෝ විට සාමාන්‍ය පෙළින්ම පාසලෙන් ඉවත්වන පුද්ගලයන්, වෘත්තීය සුදුසුකම් සාදාගෙන විවිධ ආයතන වලින් වසර 10ක පමන රැකියාව කරන විට ඔවුන් සමඟ සාසලේ සිටි හොඳට ඉගන ගන්න පුළුවන් යහළුවන් විශ්ව විද්‍යාල වලින් පිටවේ. සමහර විට වසර ගානක් විශ්ව විද්‍යාල තුල පල් වූ පුද්ගලයන්ට රැකියාව කල යුතුවන්නේ 11 වසරෙන් පාසල හැරගිය පුද්ගලයා යටතේ විය හැක. එසේම විශ්ව විද්‍යාල උපාධිය ලත් පුද්ග්‍ලයා හා වසර 8 ක පමන අත්දැකීම් ඇති සාමාන්‍ය පෙළින්ම පාසල්ගමන කෙලවර වූ පුද්ගලයා සම්මුඛපරීක්ෂණයකට ගිය විට සාපෙළ වත් සමත් නෙ‍ාවූ පුද්ගලයා තෝරාගැනීමේ වැඩි ඉඩකඩක් ඇත.


විශ්ව විද්‍යාල තුලින් දේශපාලනය ඉවත් කල යුතුය. එවිට වසර 5 ක් 6 ක් දිවෙන පාඨමාලා නියමිත වසර 3 හෝ 4 තුලදී අවසන් කල හැකිය. එමෙන්ම අද විශ්ව විද්‍යාල තුල පවතින භයානක බව නිසාම ඒ දෙස නොබලා විශිෂ්ඨ සමාර්ත 3 ක් රැගෙන ‍රැකියා වලට යන සැබෑ බුද්ධිමතුන් හට විශ්ව විද්‍යාලය විවර කල යුතුය. ඒ, විශ්ව විද්‍යාලය යන්න සැබෑවටම අධ්‍යාපනයේ ඉහලම තලය ලෙස සමාජයට කාවැද්දීමෙනි. නවක වදය, දේශපාලන සංගම් විශ්ව විද්‍යාල වලින් ඉවත් කල යුතුය. ඒ සඳහා විශ්ව විද්‍යාලීය පාලනාධිකාරිය සාධනීය ඉදිරි පියවරක් ගත යුතුයග බංකලොත්, මුළු රටම පිලිකුල් කරන පක්ෂ යන්තම් දේශපාලනයෙහි එල්ලී සිටින්නේ ශීෂ්‍ය සංගම් හරහාය. රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත්තාසේ මේ බංකලොත් දේශපාලන පක්ෂ වලින් විශ්ව විද්‍යාල ද බේරාගැනීම අත්‍යාවශ්‍යයෙන්ම කල යුතුය.

Comments

  1. [kulta ] මෙහෙම කියනවා :
    බටහිර විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුවාගේ යාච්ඥාව

    දෙවියනි ලංකාවේ උසස් පෙළ සමත් වූ වහාම මාව සයුරෙන් එතර විශ්ව විද්‍යාලයකට යැවීමට දෙමාපියන්ට මුදල් ලබා දීම ගැන මා ඔබවහන්සේට ස්තුතිවන්ත වෙමි
    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා අන්තර්ජාතිකව පිළිගත් විශ්ව විද්‍යාලයකට යොමු කිරීම ගැන මා ඔබට තුති පුදමි
    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් අන්තරයේ තිරිසන් සිසුන් අතින් මා හිංසනයට ලක් වීමට තිබුණි මට එවැනි අවාසනාවක් උදා නොකර දීම ගැන මා ඔබට තුති පුදමි
    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමන විට ඇතිවන කාලකන්නි හැඟීමෙන් මා මුදවාලීම ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි
    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් එහි සිටින හීනමානකාරයන් , දේශපාලන උන කරට ගැසූ පිස්සන්ගේ තෙල් බෙදීම් ඇසීමට සිදුවන කම්පනයෙන්මා ගලවා ගැනීමට ස්තුති වෙමි
    දෙවියනි ලංකාවේ උපාධියක් කොට රැකියා නොමැතිව රැකියාවක් ඉල්ලා පිකටින් වර්ජන කිරීමට පාරවල් දිගේ රස්තියාදු කිරීමට නොසලස්වීම ගැන මම ඔබවහන්සේට ස්තුතිය පුදමි.
    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා මගේ ජීවිතය කාලකන්නි නොකොට මට මාර්ගය පෙන්වීම ගැන මම ඔබට අනේකවාරයක් කෘතඥ වෙමි

    ආමේන්

    ReplyDelete
  2. පේරාදෙණිය උගන්ඩාවටත් පහලින්
    ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා පහලින්

    | සුපුන් පෙරේරා


    ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටින බව හෙළිවේ. ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති එස්‌. බී. එස්‌. අබේකෝන් මහතා විසින්ම පිළිගෙන තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය වෛද්‍ය වජිර වීරසිංහ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය එස්‌.බී. වීරකෝන්, ශාස්‌ත්‍ර පීඨාධිපති මහාචාර්ය අනෝමා අබේරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උපකුලපතිවරයා මේ බව අනාවරණය කරනු ලැබිය.

    අධ්‍යාපනික ගුණාත්මක භාවය , විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල පිළිබඳව ශාස්ත්‍රඥ ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලෝකයේ සාක්ෂරතාවයෙන් අඩු රටවල් වලටත් වඩා පහල මට්ටමක තිබෙන අතර අප්‍රිකාවේ උගන්ඩා රාජ්‍යයේ සහ සිම්බාබ්වේ රාජ්‍යයේ විශ්වවිද්‍යාල ලංකාවේ විශ්වවිද්‍යාලද අභිබවා ගොස් තිබේ. 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය 1062 ස්ථානය දරන අතර කොළඹ විශ්ව විද්‍යාලය 2690 ස්ථානයද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානයද නියෝජනය කරයි. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ඉතාමත් පහළ 4189 ස්ථානයට පත් වී තිබේ.

    අන්තරය වැනි අන්තවාදී සිසු සංවිධාන විසින් දිගින් දිගටම ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අඩාල කිරීමද අඩු සුදුසුකම් ඇති පුද්ගලයන් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගැනීම වැනි ක්‍රියා නිසාද ලංකාවේ විශ්ව විද්‍යාල මෙසේ පහත් මට්ටමකට වැටී තිබේ. දැනට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ආසියාවේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව දරන්නේ අන්තිම ස්ථානයයි. මෙම තත්වය තව වසර කිහිපයක් පැවතුනහොත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල උපාධි වල වටිනාකම අන්තර් ජාතික වශයෙන් ක්ෂයවී යනු ඇති බව ඇතැම් විශ්වවිද්‍යාල මහාචාර්යවරු පෙන්වා දෙති.

    ReplyDelete
  3. වෙනස බලාපල්ලා දැන්වත් ළිං මැඩියන් නොවී ලෝකේ දිහා බලපන් (

    ලංකාවේ විශ්විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය දැන් සැසදෙන්නේ ඇවිදින ඇටසැකිලි සිටින අප්‍රිකාවේ අසාර්ථක රජයන්ගේ අධ්‍යාපනික ආයතන වලට සාපේක්ෂවය. ලංකාවේ උසස් අධ්‍යාපනය බේරා ගැනීමට පොරමඩුල්ලේ එස්බියාවත් , අන්තරේ හීනමාන චාටර්කාරයන්වත් , තුන්වේල යහමින් කා කිරෙන් අත සෝදාගන්න නාමල් බෙබිවත් එන්නේ නැත. ලංකාවේ උසස් අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙන ආ හැක්කේ එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පමණි. පිකටින් යාම, දේශපාලන පක්ෂ වලට කඩේ යාම, පර පිඩක ආතල් එකෙන් නවක වදය දීම, ලිංගික අතවර කිරීම මේ සෑම දෙයක්ම කරන මොවුන් කරන නමුත් නොකරන එකම දෙය හරි හැටි අධ්‍යාපනයේ නියැලීම පමණි.

    නරඹන්න කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පොලු පිහි අතැතිව උසස් අධ්‍යාපනයේ නියැලෙන අයුරු (කොහොමද ලී කෙලි සෙල්ලම සහ පිහිය? කොහොමද ඩිග්‍රිය කරනකම් සිවුර පටලවාගෙන පිරිවෙනෙන් පිනට ලඩා ගහගෙන පින් බත් කෙලින ගරුතර සංගරත්නය හැසිරෙන හැටි ) http://www.youtube.com/watch?v=lfxrReGbYNU

    මෙන්න රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිකටින් කරන හැටි (අයියලා එන්න කීවාම යන්න ඕනේ , නැත්තනම් පෝරියල් තමයි) http://www.youtube.com/watch?v=eIyVk3pRwKk&feature=related

    මෙන්න අර නලින් ද සිල්වා සීයා නිතර කියන ගර්හිත ජරාජීර්ණ බටහිර (ඇමරිකාවේ ) විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා ලංකාවේ ළමයි සාමකාමිව උත්සවයක් සමරන හැටි. (පේනවද මුන් කොකා කෝලද මොනවාද බොන හැටි , ඕවා ඉස්සර කොළඹ විශ්ව විද්‍යාලයේ බොන්න තහනම් ) http://www.youtube.com/watch?v=ri0erYYQ5dE දැන් ඉතින් මේවා වලට ඉරිසියා නොවී එක්කෝ උඹලගේ හරක් මඩු ටික හොඳ තත්වයකට අරගෙන වරෙල්ලා නැත්නම් ලබන ආත්මෙවත් උඹලා දැන් ඉන්න වදකාගාර වලට යන්න නොලැබී මේ වගේ එල තැන වල උසස් අධ්‍යාපනයේ දීමට හැකි වේවා කියා කටපුරා සාදුකාරයක් දීපන්. මීට සුදු සීයා

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා මෙතැනට දාන්න.

Popular posts from this blog

අද එළිදකින්නට සිටි පුංචි පුතු ගැන