ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය හා කැළණිය විශ්ව විද්‍යාලය
පසුගිය ජූනි 11 දින කැළණිය විශ්ව විද්‍යාලයට ගම්වාසීන්ගේ ප්‍රහාරයක් එල්ලවිය. මහා ශිෂ්‍ය සංගමයට අනුව නම් ඒ දෙය කරන ලද්දේ අමාත්‍ය මර්වින් සිල්වා විසිනි. නමුත් ජ. වි. පෙ හි අතකෙළුවක් වූ මහා ශිෂ්‍ය සංගමය හැරුණුකොට ස්වාදීන මතධාරී කිසි කෙනෙක් එය එසේයැයි කියන්නේ නැත. බොහෝ දෙනා, ගම්වාසීන් ද පවසන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික උළෙල අවසානයේ දී බීමත් ශිෂ්‍යයන් විසින් කරන ලද පහරදීමක් මෙම සිද්ධියට හේතුවූ බවය. සත්‍ය කුමක්දැයි තවමත් අබිරහසකි. නමුත් මැර දේශපාලනය කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් තුල මැරවරයන් සිටින බව නම් සක් සුදක් සේ පැහැදිලිය. ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් බස්රථවල ඇතුළු මෝටර් රථ වලටද විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පහර දීම සම්බන්ධව වෙනත් ආකාරයකින් අර්ත කථනය කල නොහැක. විශ්ව විද්‍යාලය ඉගෙනුම් මධ්‍යස්ථානයකි. එයින් පිටවිය යුත්තේ දැනුමෙන් සන්නද්ධවූ රටෙහි අනාගතය භාරගැනීමට හැකි පරිපූර්ණ කොට්ඨාශයකි.
නමුත් වර්තමානයේ එය එසේම සිදුවන්නේද? අද විශ්ව විද්‍යාලය යනු රජයේ රැකියාවක් ලබාගැනීමට හැකි හොඳම මඟයි. එසේම විශ්ව විද්‍යාලයෙන් පිටවන සැමට රජයේ රැකියාවක් තිබිය යුතු බව ඔ...