World Smokers and drinkers Day! ලෝක මත්පැන් හා දුම්වැටි බාවිත කරන්නන් ගේ දිනය!

අප්‍රේල් 01 දිනට යෙදෙන මත්පැන් දුම්වැටි භාවිතා කරන්නන් ගේ දිනය වෙනුවෙනි.
For the April 01, The World Smokers and
Drinkers Day!



ලෝකයේ සෑම දෙයකටම වෙන් වූ දිනයක් ඇත. පෙම්වතුන්ට, ළමයින්ට සෑම කෙනෙකුටම සමරන්නට දිනයක් ඇත. අප්‍රේල් 01 දිනය වෙන්වී ඇත්තේ මත්පැන් හා දුම්වැටි භාවිතා කරන්නන්ගේ දිනය වශයෙනි.

එදිනට සමගාමීව ශ්‍රී ලංකාවේ ආන්ඩුවද ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය තකා මත් පැන් හා දුම්වැටි මිල වැඩි කරන ලදී.
වසරකට දුම් පානය කරන්නෙක් වියදම් කරන මුදල රුපියල් ලක්ෂයක් පමන වේ. ඔවුන් හට වසර 5ක් පමන යන විට ලෙඩ රෝග සෑදිම ආරම්භ වන අතර රජයට ඒවෙනුවෙන් වසරකට බෙහෙත් හා රෝහල් ගාස්තු ලෙස රුපියල් 75000 ක් පමන වියදම් කිරීමට සිදුවේ. වසරකට රුපියල් ලක්ෂයක් පමන වියදම් කරන තැනැත්තෙක් වසර 15ක් 20ක් පමන වන විට පිලිකා ආදී රෝගයනට ගොදුරු වන අතර ඒ වෙනුවෙන් ඉන්පසු රජයට ඉතා විශාල මුදල් කන්දරාවක් වියදම් වේ.


එසේම මත් පැන් හා දුම්වැටි භාවිතයෙන් අවට සිටින්නන්ට වන හානියද ඉමහත් ය. ඒ වෙනුවෙන්ද රජයට තව තවත් මුදල් වියදම් වේ. එම නිසා මෙම ගාස්තු සංශෝධනය කාලෝචිතය.

මෙය වියදමක් නොවේ, ජීවිත රක්ෂණයක් වැනි දෙයකි. ආයෝජනයකි. සිගරැ‍ට්ටුවක් පාසා පිලිස්සෙන ඔබේ ශරීරයට ‍බෙහෙත් දෙන්නට රජයට ඔබගේ දායකත්වය අවශ්‍යය. ඒ දුම්බොන ඔබ වෙනුවෙන් මය.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය හා කැළණිය විශ්ව විද්‍යාලය