මහා ආර්ථික කඩාවැටීම හා වර්තමාන ආර්ථික අර්බුදය

වර්තමාන ආර්ථික අර්බුදය ලෝකයේ දෙවන මහා ආර්ථික කඩාවැටීම කරා ගමන් කරාවිද... ආර්ථිකඥයන් අනතුරු අඟවන ආකාරයටනම් ඒ වගේ තමයි,
ඒත් ඇත්තටම මොකක්ද ලෝකයේ ප්‍රථම ආර්ථික කඩාවැටීම... මට ඒක ගැන ටිකක් හොයන්න හිතුනා.., එය 1929 දී වෝල් ස්ට්‍රීට් හී (ඇමරිකාවේ) ප්‍රධාන කොටස් වෙළඳපොලේදී සිදුවූ කොටස් වෙළඳපොල කඩාවැටීම.


එම කඩාවැටීම සිදුවූ ආකාරය

ඒ 1929 ඔක්තෝබර් 29 වැනි අඟහරුවාදා, ලෝකයට එදින සාමාන්‍ය දිනයක් වූවාට ඇමරිකාවට නම් ඉතා අඳුරු දිනයකි එදින ලොව ප්‍රථම ආර්ථික කඩාවැටීම සනිටුහන් විය. එදින කළු අඟහරුවා‍දා ලෙස අදද හඳුන්වයි. එම කඩාවැටීම ලෝකයටම බලපෑ අතර එය නැවත සකස් වීමට වසර 10කට අධික කාලයක් ගතවිය.
එම කා‍ලය තුලදී ඇමරිකා‍ව පුරා දරුණු රැකියා හිඟයක් අති විය. එම කාලය තුලදී සාර්තක ව්‍යාපාර බංකලොත් විය, එහි අයිතිකරුවන් මහමඟ ඇපල් පවා විකුණන තත්වයට පත් විය. මාවත් රැකියා සොයන්නන් ගෙන් පිරී ගියේය.


නමුත් ‍කවුරු රැකියා දෙන්නද? කොහොම දෙන්නද මහා ව්‍යාපාරයන් පවා එදා වේල පිරිමසා ගත්තේද ඉතාමත් අමාරුවෙනි.




මෙය සිදුවූයේ කෙසේද?
ලෝක යුද්ධයෙන් පසු ලොව පුරා කාර්මික විප්ලවයක් ඇතිවිය, නගර ගම් කාර්මී කරණය වූ අතර තාක්ෂණය ද නවීකරණය විය. මෙසේ තාක්ෂණය දියුණුවීමත් සමඟම ආර්ථිකයද දියුණු විය.


Stock Market Crash of 1929 Chartමෙසේ ආර්ථිකය දියුණු වීමත් සමඟ ආයතන වල කොටස් අගයද දිනෙන් දින දියුණු විය.මෙසේ දියුණු වන කොටස් වෙළඳපොල තුල ආයෝජනය කිරීම ඉතාමත් ආරක්ෂිත හා බුද්ධිමත් තීරණයක් ලෙස ආර්ථිකඥයන් පවසන ලදී.
ඒත් සමඟම ආයෝජකයන් කොටස් වෙළඳපොල තුල ආයෝජනය කිරීම වැඩිවූ අතර කොටස් මිල දිනෙන් දින දියුණු විය. එය ආයෝජනය කරන ඩොලරයට ඩොලර් 9 ක් ආදායම් ලැබීම තරම් ලෙස වර්ධනය විය.


මෙසේ 1921 සිට 29 දක්වා කාලයේදී 60ක් වූ ලක්ෂපතියන් ගණන 400 දක්වා වර්ධනය විය. ක්ෂණිකව ලක්ෂපතියන් සෑදෙන ආකරයක් පෙනිනි. එමනිසා කොටස් වෙළඳපොල ලක්ෂපතියන් මවන යන්ත්‍රයන් විය. ආයෝජකයන් තම සියළු වත්කම් ඉඩකඩම් පවා උකස් කර ආයෝජනය කලෝය.
නමුත් මොවුන් කල ආයෝජනයෙහි කිසිම තාර්කික බවක් තිබී නැත. පළමු කාටූනයෙන් පෙනෙන ආකාරයට කිසිම ආකාරයක හොයා බැලීමකින් තොරව මිනිසුන් ආයෝජනයට යොමු විය. කිහිප දෙනෙක් සොයා බලා ආයෝජනය කලත් අතිමහත් බහුතරය කටයුතුකර ඇත්තේ ඇස් කන් පියාගෙනය. මෙසේ ආයෝජනය කරන විට වංචනික ආයතන රාශියක්ද බිහි වී තිබිනි. (සක්විති ලා, දඬුවම්ලා, සෙලින්කෝ කාරයා වැනි) මොවුන් කොටස් වෙළඳපොල උච්චතම අවස්ථාව වන තෙක් හිඳ මුදල්ද රැගෙන පලා ගෙනස් ඇත. බොහෝ ආයෝජකයන් හීනෙකිනුදු සිතා නොසිටි ලෙස කොටස් වෙළඳ පොල බිඳ වැටිනි. "සැම විටම ඉහලට යන" තේමාව කොට ගත් කොටස් වෙළඳ පොල මෙසේ බිඳ වැටෙන විට ආයෝජනය කල ආයෝජකයන් 0 ටම වැටුනේය. එයින් මහා ආර්ථික කඩා වැටීම ආරම්භ විය.

මේ වන විට ලෝකයේද, ශ්‍රී ලංකාවේද සිදුවෙමින් පවතින්නේ මේ හා සමාන ක්‍රියාවලියකි. එනම් ඉතාමත් කල්පනාවෙන් සිහිබුද්ධියෙන් කටයුතු කල යුතු වකවානුවකි. ලංකාවේ කෘෂිකර්මය මෙපමන හෝ දියුණු වී නොතිබුනේ නම් ලංකාව මේ වන විට කඩා වැටුනු රටක් වන්නට හොඳටම ඉඩ තිබිනි. තවමත් අපි පිටරට දෙස බලා සිටින්නෙමු. දැන් වත් අපට වැඩක් කරගන්නට පටන් ගත්තොත් හොඳයැයි මට සිතේ. ගමේ ගිහිං හේනක් වත් කොටාගත්තොත් මිසක් අර්බුදය උඩුදිවූ කලෙක ගොඩ එනවා බොරුය.
ලංකාවේ පරිගණක සමාගම් බිඳ වැටී ඇත. වර්තුසා ආදී බහු ජාතික සමාගම් වේල්ල කැඩුවා ලෙස සේවකයන් එලියට දමයි. ලෝකයේම ආයතන දැන් නැවත සියළුම කටයුතු අතින්ම කිරීමට පටන් ගෙන ඇත. පරිගණක ඉන්ජිනේරුවාට වඩා ගණකාධිකාරී වරයා ඔවුන්ට දැන් වැදගත්වී ඇත. මෘදුකාංග
ඉන්ජිනේරුවා අද සිටින්නේ ගෙදර යැවිය යුතු ලැයිස්තුවේ මුලින්මය. වියදම් අඩුකරන ලිස්ට් වල පරිගණක ආශ්‍රිත වියදම් මුලින්ම සිටී. ලෝකයේම ඇතිවී ඇති මෙම වාතාවරණය තුල තවමත් මම මෙලෙස ‍අකුරු කොටන්නේ ඇයි දැයි මටම සිතා ගත නොහැක. අද හෙටම නැගෙනහිරට හෝ අළුත මුදාගත් උතුරට ගොස් තේ කඩයක් වත් අටවාගෙන ජීවිතය ගැටගසා ගැනීම හිතේ තියාගෙන මම නවතිමි.
සාලිය රත්නායක

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය හා කැළණිය විශ්ව විද්‍යාලය