නිකමුන් උද්ඝෝෂණය කරති - වැඩකලවුන් උන් නිසා මහ මඟ ලතැවෙති.....

අදත් උපාධිධාරී උද්ඝෝශණයක්. රජයත් එක්ක තියෙන තරහ පිරිමහන්නෙ මහ ජනයගෙන් වගේ. පාරවල් පුරාම උන් සත්තු වගේ ඉන්නකොට මිනිස්සු වැඩ ඇරිල ගෙවල් වලට යන්නෙ කොහොමද? එහෙම හිතන්න බැරි මුන්ට රස්සා දුන්නාම දැනටත් වැනසිලා තියෙන රාජ්‍ය සේවය ට දෙයියන්ගේම පිහිටයි. මේ රජය පෙරලන්න වගේ උද්ඝෝෂණය කලාට එජාප රජයක් ආවම දෙයි රස්සා මේන් කියලා. හිටපු අවුරුද්දක කරපු දේවල් බැළුවාම එජාප ආණ්ඩුවකදී රාජ්‍යසේවයත් ‍පෞද්ගලීගරණය කරයි. එතකොටවත් මිනිස්සුන්ට පාරවල් වල කරදරයක් නැතුව යන්න පුළුවං වේවි. මේවගේ අවස්ථාවාදී උද්ඝෝෂණ මඩින්න ඕන ප්‍රේමදාස තියරියෙනුයි. එහෙම නැතුව හුරතල් කරල නං මේව නවත්වනව බොරු.

රැකියා විරහිත උපාධිධාරීන් කියන්නේ කවුද, රැකියා නැති මිනිස්සුද? නෑ... මේ උද්ඝෝෂකයන් බොහොමයක් දෙනාට රැකියා තියෙනවා. ඔවුන්ගෙන් සමහරු පෟද්ගලික ආයතන වල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, සමහරු ටියුෂන් ගුරුවරු, ඒත් ඔවුන් රැකියා විරහිත පුද්ගලයන් ලු, මොකද ඔවුන්ට රජයේ රැකියාවක් නෑනේ, පිනට කකා බිබී ජොලියේ ඉන්න උපාධියට සරිලන වැටුපකින් යුත් රජයේ රැකියාවක් තමා ඔවුන් ඉල්ලන්නෙ.

මොවුන් හට උපාධියෙන් නොලැබුනු වෘත්තීමය දැනුම දෙන වැඩසටහනකට සම්බන්ධවූ කෙනෙකු හැටියට මම දැනගත් දෙයක් තමා මෙසේ තැන තැන උද්ඝෝෂණය කරන පුද්ගලයන්ගෙන් අතිමහත් බහුතරය බාහිර උපාධිධාරීන්. ඒ අතරිනුත් බොහොමයක් දෙනා, කිසිම වෘත්තියක් ඉලක්ක නොකොට, කටපා‍ඩමෙන් පමනක්ම ගොඩයාහැකි ඉතාමත් සරල කලා විශයන් පමණක් හදාරා හදාරා ඇතිවුන් වීම. උසස් පෙලින් කලා විශයෙන් එස් 3ක් අරගෙන පහසුවෙල් ගොඩ යාහැකි සරළවිශයන් 3කින් උපාධිය අරගෙන, එම සුදුසු කමට ගතහැකි ‍රස්සා දෙන්නේ රජය නිසාම මෙසේ අව්වේ වේලිවේලි, රටට බරක් වෙවී උද්ඝෝෂණය කරනව අපට රැකියා දියව් කියලා.

විශ්ව විද්‍යාල වල අභ්‍යන්තරව උපාධි හදාරා, පෞද්ගලික අංශයේ උසස් රැකියා කරකර ඉන්න පුද්ගලයන් ඔවුන්ව උසිගන්වනවා උද්ඝෝෂණය කරපල්ලා කියලා. මොකද එතකොට රැකියා දෙනකොට මුලින්ම ඔවුන්ට රජයේ ඉහල තනතුරක් ශුවර් නිසා. සෑම විටම බාහිර උපාධිධාරින්ව මෙහෙයවන්නේ අභ්‍යන්තර උපාධිධාරීන්, ඔවුන් දන්නවා නිසි අධ්‍යාපනයක් නොලද බාහිර උපාධිධාරින්ව ඉත්තන් කරගන්නා ආකාරය. ජනතා විමුක්ති පෙරමුණේ මුදල් වලින් බස් යොදා අනුරාධපුර, පදවිය, මහියන්ගන, අම්පාර, මන්නාරම, මාතර, බෙලිඅත්ත, හැටන්, සූරියවැව ආදී ඉතා දුරබැහැර ප්‍රදේශවලින් මෙම මිනිසුන් කොළඹට අද්දවන්නේ ඒ නිසයි.‍ එසේ මේ මිනිසුන්ව කොළඹ ගෙනාවොත් මිස තම විය‍දමෙන් එන්නැති බව ඔවුන් දන්නවා. එසේම රාජ්‍ය සේවයේ සිටින මොවුන් හා සම්බන්ධ පුද්ගලයන් මොවුන්ට උදව්වට විවිධ යටිකූට්ටු වැඩ කරනවා. උද්ඝෝෂකයන්ට විතරක් රැකියා ගැන ලබාදෙන ආකාරයට රාජ්‍ය ලිපි ලේඛණ සකස් කිරීම හා ඔවුන්ට පමනක් රැකියා ලැබෙන ලෙසට නාමලේඛණය සකස් කිරිම මෙයින් ප්‍රධාන වෙනවා.

මෙම උද්ඝෝෂකයන් ඉල්ලන ප්‍රධාන රැකියාව වන්නේ ගුරැ වෘත්තිය. මෙයට හේතුව ඉතා අඩුවෙන් වැඩ කර ඉතා වැඩි නිවාඩු ප්‍රමාණයක් ලබා ගත හැකි වීමයි. වර්තමානයේ පාසල්වලත් විවිධ ආකාරයේ සිද්ධීන් අසන්නට ලැබෙන්න මේ විපරීත මිනිසුන් ද හේතුවක් විය හැකියි.

මෙම උද්ඝෝෂණය කරන පුද්ගලයන් කීප දෙනෙකුගෙන් පෟද්ගලිකව ප්‍රශ්ණ කලවිට ඔවුන් කීවේ, පුද්ගලික අංශය මරව මරවා වැඩ ගන්නා බවත්, හරියට වැඩ නොකලොත් ජොබ් එකෙන් එලවන බවත්ය. රජයේ රැකියාවකින් කොතරම් වැඩ නොකර හිටියත් එළවන්න බැරි නිසා හා වෘත්තීය සමිති ඔවුන්ව බලා ගන්නා නිසා හා ‍මොනවා කලත් මාසෙ පඩිය මෙන්ම විශ්‍රාම වැටුපද ලැබෙන නිසා රජයේ රැකියාව අත්‍යාවශ්‍ය බවයි.

ඉල්ලීම් ලබාගැනීමට කුමක් කලත් කම් නැත. ඒත් අනුන් දෙනකං බලා නොසිට තම වීරියෙන් ගොඩගිය මිනිසුන්ට කරදරයක් වන ලෙස හිඟමන් ඉල්ලිම අනුමත කල නොහැක. යන්තං අටවාගත් උපාධියට පි සිද්ධවෙන්න පිං පඩියට කකා රටටම පිළිලයක් වූ මිනිසුන්ට මා කියනදේ නොතේරුන හැක. නමුත් ලැබූ දැනුමෙන් රටට වැඩක් කරන, ලැබෙන වැටුපට වඩා වැඩකර ඒත් සතුටින් සිටින, මේ පිනා චාන්ස් කාරයන්ගෙන් පීඩා විඳින බොහෝ මිනිසුන් රටේ ඉන්නා නිසා ද, මට අත තියාගෙනත් කට වසාගෙනත් හිඳින්න බැරි කමටද මේක ලියන්න සිතුනි.

Comments

  1. "ඒ අතරිනුත් බොහොමයක් දෙනා, කිසිම වෘත්තියක් ඉලක්ක නොකොට, කටපා‍ඩමෙන් පමනක්ම ගොඩයාහැකි ඉතාමත් සරල කලා විශයන් පමණක් හදාරා හදාරා ඇතිවුන් වීම"

    මේ කියන විෂයන් තියන උපාධි පාඨමාලා වි.වි ඉවත් කලා නම් මේ ප්‍රශ්නය විසදෙනවනෙ යකො මේවා අපේ පාලකයන්ට තේරෙන්නෙ නැද්ද මොන එහෙකට මන්ද මේ පාලකයො ඉන්නෙ

    ReplyDelete
  2. විශ්ව විද්‍යාල වලින් සරළ විශයන් අයින්කලොත් විශ්ව විද්‍යාල හම්බකරගන්නෙ කොහොමද?

    ReplyDelete
  3. සල්ලි නැති වුනත් මොකද හත්දෙයියනේ ප්‍රශ්නෙ ඉවර වෙනවනම්

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා මෙතැනට දාන්න.

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය හා කැළණිය විශ්ව විද්‍යාලය