Popular posts from this blog
Edirige Saatare :: එදිරිගෙ සාටරේ :: Sinhala Joke Stories
අද එළිදකින්නට සිටි පුංචි පුතු ගැන
අද දහවල් මා කාසල් වීදියේ කාන්තා රෝහල වෙත දිව ගියේ මාගේ පුන්චි පුතුගේ මුහුණ බලන්න යි. ඒත් ඒවන විටත් බිරිඳ Labour room එකෙන් පිටවී සිටියේ නැත. හවස 5.00ටම මම ඇය බලන්නට වාට්ටුවට ගියද ඇයව එක්වරම සොයා ගැනීමට නොහැකි විය. සොයා ගත් විගසම මා ඇසුවේ කෝ බබා කියාය. ඒ ඇයගේ මුහුණේ තිබූ ඉරියව් හෝ අතට ගසා ඇති සේලයින් බටය ගැනවත් නොසිතා ය. ඒත් ඇය අපහසුවෙන් ඇයගේ ඇදුම් බෑගය ඉල්ලා සිටියාය. දෙවන වරත් ඈ ඉල්ලූ නිසාම එය ගෙනවිත් දී පුතු ගැන විමසීමි. 'එයා නැතිවෙලා' ඇය බිඳුනු හඬින් පැවසුවාය. මොකක් කියා නැවත ඇසුවේ ඒ වදන් විශ්වාස කල නොහැකි නිසාවෙනි. පුතා ඉපදෙනකොට මැරිලා, ඈ කඳුළු සලමින් පැවසුවාය. එහෙම වෙන්නේ කොහොමද, පුතු අවසන් මොහොත තෙක් හොඳින් දඟලමින් සිට ඇත. දොස්තරලා ඇයව හැදින් වූ යේ Large baby කියාය. ඒ නිසාම ඇයට කිහිප වරක්ම සීනි පරික්ෂා කරන්නට සිදුවිය. බිරිඳ හා පුතු ට කිසිම ලෙඩක් තිබුනේ ද නැත. පුතු ගේ බර නිසා දෝ බිරිඳ ට ලඟ ලඟම දෙවරක් රෝහල් ගත වීමට සිදු විය. ප්රතම වර ද දොස්තරලා ඇයව ගනන් ගත්තේ නැත. දරුවන් තුනකගේ අම්මා කෙනෙක් ලෙස ඇය පැවසූ දෑ ඔවුන් ගනන් ගත්තේ නැත. ඇය දින 5 ක් තියාගෙන ගෙදර එව්වාය.
Comments
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා මෙතැනට දාන්න.