අද එළිදකින්නට සිටි පුංචි පුතු ගැන

අද දහවල් මා කාසල් වීදියේ කාන්තා රෝහල වෙත දිව ගියේ මාගේ පුන්චි පුතුගේ මුහුණ බලන්න යි. ඒත් ඒවන විටත් බිරිඳ Labour room එකෙන් පිටවී සිටියේ නැත.
 
හවස 5.00ටම මම ඇය බලන්නට වාට්ටුවට ගියද ඇයව එක්වරම සොයා ගැනීමට නොහැකි විය. සොයා ගත් විගසම මා ඇසුවේ කෝ බබා කියාය. ඒ ඇයගේ මුහුණේ තිබූ ඉරියව් හෝ අතට ගසා ඇති සේලයින් බටය ගැනවත් නොසිතා ය. ඒත් ඇය අපහසුවෙන් ඇයගේ ඇදුම් බෑගය ඉල්ලා සිටියාය.

දෙවන වරත් ඈ ඉල්ලූ නිසාම එය ගෙනවිත් දී පුතු ගැන විමසීමි. 'එයා නැතිවෙලා' ඇය බිඳුනු හඬින් පැවසුවාය. මොකක් කියා නැවත ඇසුවේ ඒ වදන් විශ්වාස කල නොහැකි නිසාවෙනි. පුතා ඉපදෙනකොට මැරිලා, ඈ කඳුළු සලමින් පැවසුවාය.

එහෙම වෙන්නේ කොහොමද, පුතු අවසන් මොහොත තෙක් හොඳින් දඟලමින් සිට ඇත. දොස්තරලා ඇයව හැදින් වූ යේ Large baby කියාය. ඒ නිසාම ඇයට කිහිප වරක්ම සීනි පරික්ෂා කරන්නට සිදුවිය. බිරිඳ හා පුතු ට කිසිම ලෙඩක් තිබුනේ ද නැත.

පුතු ගේ බර නිසා දෝ බිරිඳ ට ලඟ ලඟම දෙවරක් රෝහල් ගත වීමට සිදු විය. ප්‍රතම වර ද දොස්තරලා ඇයව ගනන් ගත්තේ නැත. දරුවන් තුනකගේ අම්මා කෙනෙක් ලෙස ඇය පැවසූ දෑ ඔවුන් ගනන් ගත්තේ නැත. ඇය දින 5 ක් තියාගෙන ගෙදර එව්වාය.

සති දෙකකට පසු දෙවන වරටත් ඇයව රෝහල් ගත කිරීමට සිදු වූයේ water broke වීම නිසාය. මෙවරද ඔවුන් ඇයව ගනන් ගත්තේ නැත, එය water broke වීමක් නොව සාමාන්‍ය ලේ පිටවීමක් කීවේ ය. ඇය ඉතා අපහසුවෙන් දවස් 5 රෝහලේ සිටියාය. බැරිම තැන cesarean සැත්කමකින් හෝ දරුවා ගන්නැයි ඉල්ලා සිටියාය. 9 වාට්ටුවේ  ප්‍රධාන වෛද්‍යවරයා සඳහා තව සති 3 ඉන්නැයි කියා ඇත. අවසානයේ ඔහුගේ මුරණ්ඩු ගති නිසාම බිරිඳ සාමාන්‍ය ප්‍රසූතියකට සූදානම් කර දරුවා හිරවී හුස්ම ගැනීමට නොහැකිව මිය ගියාය.

හෙට මා, මගේ ඒ පුතු ගේ අන්තිම කටයුතු කරන යා යුතුය. මරණ පරීක්ෂණයක් කරනවා නම් බිරිඳ රෝහලෙන් පිට කරන්නේ සියලු කටයුතු අවසන් වූ පසු ය. මා මගේ බිරිඳ ගැන බලනවාද නැත්තම් මල පුතුට යුක්තිය ඉටු කරනවද කියා හෙට මම තීරණය කල යුතුය. 

පුංචි පුතේ, අම්මා තවමත් ඔබගේ මුහුණ දැක නැත. ඒ නිසල මුහුණ දුටුවේ අප්පච්චී පමණි. ඔයා අයියා උපන් දා වගේමයි. අයියයි අක්කල දෙන්නයි කොච්චර ආසාවෙන් මග බලාගෙන හිටියද ඔයා එනකම්. අම්මටයි අපි හැමෝටම යි ඔයා නැති අඩුව දැනේවි. ඔයා අම්මගෙ බණ්ඩියෙ ඉඳල ගහපු පාරවල් තාම දැනෙනවා, මට මෙහෙම නම් අම්මට කොහොම ඇත්ද,

මීට තවමත් හැංගිලා අඬන
ඔයාගේ අප්පච්චි

‘‘අනිච්‌චා වත සංඛාරා, උප්‌පාදවයධම්‌මිනො උප්‌පජ්‌ජිත්‌වා නිරුජ්‌ඣන්‌ති, තෙසං වූපසමො සුඛො’’ 









Comments

Popular posts from this blog