පැනඩෝල් මාරාන්තිකයි! - උපරිම මාත්‍රාවත් අක්මාවට අහිතකරයි!

ඩෙංගු වලට පැනඩෝල් ම පමණක් භාවිතා කරන්න! යන්න මීට වසර කීපයකට පෙර මාධ්‍යන්හී ඩෙංගු රෝගය අධික කාල වලදී ප්‍රචාරණය වූවකි. එයට හේතුව වූයේ ඩෙංගු රෝගයට ඩිස්ප්‍රීන් (ඇස්ප්‍රීන් විස වන බැවිනි.) නමුත් දැන් සොයාගෙන ඇති ආකාරයට පැරසිටමෝල් හි උපරිම මාත්‍රාවද ඉතාම මාරාන්තික බවයි.

අතීතයේ දී ලංකාව ඇතුළු මුළු ලො‍්කයේම ප්‍රධාන වේදනා නාශකය වූයේ ඇස්ප්‍රීන් ය. (ඩිස්ප්‍රීන් ) පැරසිටමෝල් අඩංගු ඖශධ රෝගීන් භාවිතා කලේ ඉතාමත් අඩු වශයෙනි. නමුත් ඩෙංගු රෝගය හේතුවෙන් මෙම මතය කනපිට හැරුණු අතර ඩෙංගුරෝගය නිසාම කාලාන්තරයක් පැවති ප්‍රභ වේදනා නාශකයක් වූ ඩිස්ප්‍රීන් වෙළඳපොලෙන් තල්ලුකිරීමට පෙනඩෝල් වලට හැකිවිය. (ඩෙංගු යනු ඩිස්ප්‍රීන් අධිකාරය නැතිකිරීමට පැනඩෝල් මගින් කෘතිමව සකස් කර මුදා හැරුණු විශබීජයක් බවටද කතාවක් ඇත.)

ඩෙංගු ආගමනයත් සමඟ වෙළඳපොල ජයගත් පැනඩෝල් ඇමරිකාව ඇතුළු ප්‍රධාන පෙලේ රටවල් විසින් තහනම් කිරීමට පටන්ගෙනව ඇත. ඇමරිකාව මේ වන විට පෙනඩෝල් අන්තරායකර ‍ඖශධ ගෝන්නට එකතු කර ඇත.




දිවයින පුවත්පතේ‍ ලිපිය-
ලොව පුරා විශාල වශයෙන් භාවිත කෙරෙන වේදනා නාශකයක්‌ වන පැරසිටමෝල් වර්ගවල දැනට නියම කර ඇති උපරිම මාත්‍රාවන් අක්‌මාව අක්‍රීයවීම ඇතුළු දරුණු අතුරු ආබාධවලට මුල් වන බව හෙළිවී තිබීම හේතුවෙන් එම මාත්‍රාවන් අඩු කිරීමට පියවර ගන්නා ලෙස ඇමරිකානු සෞඛ්‍ය උපදේශක කමිටු තුනක්‌ සෞඛ්‍ය අංශ වෙත නිර්දේශකර තිබේ. ශ්‍රී ලංකාවේද පැරසිටමෝල් වර්ග විවිධ වෙළෙඳනාමයන් යටතේ 60 ක්‌ පමණ භාවිත වන අතර මෙම දිනවල සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු උණ රෝගයෙන් මියගිය රෝගීන් වැඩි දෙනකු පැරසිටමෝල් පෙති උපරිම අන්දමින් භාවිත කිරීම නිසා අක්‌මාවට හානි වීමෙන් මිය ගොස්‌ ඇති බව එම රෝගීන් සම්බන්ධව කරන ලද මරණ පරීක්‍ෂණවලදීද අනාවරණය වී තිබේ.

මේ අනුව මෙරට ඩෙංගු රෝගීන් මිය යැම හා පැරසිටමෝල් වර්ග භාවිතය අතර සම්බන්ධතාවක්‌ පවතීදැයි යන්න පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය අංශ පියවර ගත යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙති..

මේ අතර දැනට රෝගීන් සඳහා නිර්දේශ කෙරෙන පැරසිටමෝල් උපරිම මාත්‍රාවන් ප්‍රමාණය අඩු කළ යුතු බවට ඇමරිකානු සෞඛ්‍ය උපදේශක කමිටු විසින් කරන ලද නිර්දේශයන්ට අනුව ඕස්‌ටේ්‍රලියානු ඖෂධ පරිපාලන අධිකාරිය එරට පැරසිටමෝල් භාවිතය පිළිබඳව නැවත විමසා බැලීමක්‌ සිදු කිරීමට පියවර ගෙන ඇත. මේ සම්බන්ධව අදහස්‌ දක්‌වන ඕස්‌ටේ්‍රලියානු වෛද්‍ය සංගමයේ සභාපති ඇන්ඩෲ පෙස්‌තේ පවසා ඇත්තේ පැරසිටමෝල් නියමිත ප්‍රමාණයන්ට වඩා ගැනීම අතිශයින්ම භයානක බව තහවුරුවී ඇති බවයි.

පැරසිටමෝල් වර්ග ළදරු, ළමා හා වැඩිහිටි යන කාණ්‌ඩ සඳහා එකිනෙකට වෙනස්‌ අයුරින් ගත යුතු උපරිම මාත්‍රා ප්‍රමාණය නිර්දේශ කර තිබේ. බොහෝ විට වෛද්‍ය නිර්දේශයකින් තොරව පැරසිටමෝල් ලබා ගැනීමෙන්ද අතුරු ආබාධ ඇතිවන බව වෛද්‍ය පර්යේෂණ වලදී හෙළිවී තිබේ.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය හා කැළණිය විශ්ව විද්‍යාලය