Posts

Showing posts with the label world cup

ජයග්‍රාහී අනාගතයක පෙර නිමිති....!

Image
ශ්‍රී ලංකාව නැවතත් තම අභිමානය ලොවට පෙන්වුයේය..., ඔවුන් ලක් මවට තවත් ජයග්‍රහණයක් අත් කර දුන්නේය. සුපිරි කැන්ගරුවන්ව ගෙදර යැවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායටම ජය වේවා! ශ්‍රී ලංකාව කියන පුංචි රට බොහෝ ලෝක වාසීන් දැන ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාව නිසාය. මේ පුංවි දිවයිනෙන් උපන් සිංහ පෝතකයන් තණතිල්ලේ තවම අභිමාණය පතුරුවදිදී මුළු ලෝකයම ඔවුන් දෙස බලා සි‍ටියේය. අපේ රට ගැන, අපි ගැන ලෝකයෙහි අවධානය යොමුකලේ ඒ නිසාය. 1996 ලෝක කුසලානය දිනා ලෝකයට බලපෑම් කල හැකි, ක්‍රිකට් කප්පිත්තන්ට බලපෑම් කල හැකි රටක් බව හඩ ගා කීවේය. අපේ ක්‍රිකට් කණ්ඩායම රටේ මිලේච්ඡ ත්‍රස්තවාදයටද මරු පහරක් විය. සිංහලයන් අනෙක් ජාතීන් පාගා දමන මිලේච්ඡ ජාතියක් බව කොටින් කියද්දී රටේ සියළුම ජාතීන් හා ආගම් වලින් සැදුම් ලත් අපේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව වෙනුවෙන් නැගී සිටියේය. එකමුතුව තරඟ බිමට පිවිසියේය. එකමුතු කමින් ජය ලැබුවේය. ඒ නිසාම අපේ ක්‍රිකට් කණ්ඩායම විනාශ කරන්න ත්‍රස්තයන් මහත් උත්සාහ කලහ. පකිස්තානයේ ලාහෝර් නුවරදී එහි උච්චතම අවස්ථාව එළඹියද විශ්මය ජනක ලෙස එම අනතුරෙන් බේරී නිරුපද්‍රිතව මව්රටට සැපත් විය. කටුක වූ මානසික හිංසනයන් මැද්දේ, ලාහොර් සි...