Posts

තවත් දුවෙක් ඇවිදින්....

Image
  අද මව් තුරුලේ උණුසුම් වෙන්නට වරම් ලද පුංචි දූ කුමරියේ.... ඔයා ඉපදුනේ අගෝස්තු 28 උනාට ඔයා අම්ම ළඟට දුන්නේ අදනේ දුවේ, ඒ වෙග්ම ඔයාගේ අයියයි අක්කලයි ඔයාව දැක්කෙත් අදනේ ඒක නිසා අදම මට මේ සටහන දමන්නට සිතුනා.   පුංචි දුවේ... ඔයාව ළඟට ගන්න අම්මා ගොඩාක් දුක් වින්දා. අම්මා මාස 2ක් විතර තනියම රෝහල් ගතවෙලයි හිටියේ. අදත් හවස සුපුරුදු පරිදි මම  අම්ම බලන්නයි ආචේ. ඔයාව දීල තිබ්බ නිසා  අක්කලාටයි අයියාටයි බලන්න ඔයාව වීඩියෝ කරන් ආවා. ICU එකේදී ඒව මුකුත් බෑනේ... ඔයා කුස තුලට ආවේ අම්මට ටිකක් කල් ඉවසන්න කියලා බොහෝ දෙනෙක් කියද්දීයි. ඔයාගේ චුටි අයියව අම්මට අල්ලන්නවත් ලැබුන්නැති නිසා අම්මා හිටියේ හරීම දුකෙන්. චූටි අයියාව අප්පච්චි බොරැල්ල කනත්තේ භූමිදානය කරලයි අම්මව හොස්පිට්ල් එකෙන් එක්කන් ආචේ. එයා චූටි අයියගේ පින්තූර අප්පච්චිගෙන් බලෙන් ඉල්ලගෙන වැළහිණ්නී වගේ ඇඩුවා. අම්මා ඊට පස්සේ ටිකක් වෙනස්, රෑට අප්පච්චිගේ පපුවට තුරුළුවෙලා අම්මා කඳුළු බීපු දවස් බොහෝමයි. එයාට කොහොම හරි ඉක්මනින් තවත් පැටියෙක් ඕන උනා. අයියලාගේ ඉස්කෝලෙ සමහර අම්මලා කරපු කෙනහිළිකම් හින්දත් ඒ උවමනාව වැඩි උනා. අයියා නැති උනේ රෝහලේ...

අද එළිදකින්නට සිටි පුංචි පුතු ගැන

Image
අද දහවල් මා කාසල් වීදියේ කාන්තා රෝහල වෙත දිව ගියේ මාගේ පුන්චි පුතුගේ මුහුණ බලන්න යි. ඒත් ඒවන විටත් බිරිඳ Labour room එකෙන් පිටවී සිටියේ නැත.   හවස 5.00ටම මම ඇය බලන්නට වාට්ටුවට ගියද ඇයව එක්වරම සොයා ගැනීමට නොහැකි විය. සොයා ගත් විගසම මා ඇසුවේ කෝ බබා කියාය. ඒ ඇයගේ මුහුණේ තිබූ ඉරියව් හෝ අතට ගසා ඇති සේලයින් බටය ගැනවත් නොසිතා ය. ඒත් ඇය අපහසුවෙන් ඇයගේ ඇදුම් බෑගය ඉල්ලා සිටියාය. දෙවන වරත් ඈ ඉල්ලූ නිසාම එය ගෙනවිත් දී පුතු ගැන විමසීමි. 'එයා නැතිවෙලා' ඇය බිඳුනු හඬින් පැවසුවාය. මොකක් කියා නැවත ඇසුවේ ඒ වදන් විශ්වාස කල නොහැකි නිසාවෙනි. පුතා ඉපදෙනකොට මැරිලා, ඈ කඳුළු සලමින් පැවසුවාය. එහෙම වෙන්නේ කොහොමද, පුතු අවසන් මොහොත තෙක් හොඳින් දඟලමින් සිට ඇත. දොස්තරලා ඇයව හැදින් වූ යේ Large baby කියාය. ඒ නිසාම ඇයට කිහිප වරක්ම සීනි පරික්ෂා කරන්නට සිදුවිය. බිරිඳ හා පුතු ට කිසිම ලෙඩක් තිබුනේ ද නැත. පුතු ගේ බර නිසා දෝ බිරිඳ ට ලඟ ලඟම දෙවරක් රෝහල් ගත වීමට සිදු විය. ප්‍රතම වර ද දොස්තරලා ඇයව ගනන් ගත්තේ නැත. දරුවන් තුනකගේ අම්මා කෙනෙක් ලෙස ඇය පැවසූ දෑ ඔවුන් ගනන් ගත්තේ නැත. ඇය දින 5 ක් තියාගෙන ගෙදර එව්වාය. ...

මමත් කාර් එකක් අරන්..... (කාර් එකෙන් ආවර්ජනය කරන මගේ අතීතය)

මේ කතාව මම කොහොම පටන්ගන්නදෝ   තාම සිතුනේ නෑ. නමුත් මේ කතාව මම හා මගේ කාර් එක පසුබිම් කරගෙන ලියන කතාවක්. මුලින්ම මම ගැන කියලාම කතාව පටන් ගනිමු. මගෙ ගම නුවර. මම බින්දුවෙන් පටන්ගෙන යන්තම් නැගීසිටින කෙනෙක්. මගේ අතීතයනම් එච්චර සුන්දර නෑ. මම පුංචිකාලේම, ඒ කියන්නෙ අවුරුදු 4දී පමන අප්පච්චි පුංචිත් එක්ක පැනල යනවා, ඒ කියන්නෙ අම්මගෙ නංගිත් එක්ක යි මේ පැනල යන්නෙ. ඒ වෙනකොට මල්ලිට අවුරුදු දෙකක් විතර ඇති. මල්ලි පොඩි එකා නිසත් ඌට අප්පච්චිව හිත් කොනකවත් මතකයේ නැති නිසාද කොහදෝ පවුලේ වැඩි අවධානය මල්ලී තමයි. අපි දෙන්න මොන වැරැද්ද කලත් අයියා ඒ හැම එකකටම වැරදි කාරයා. අපේ අම්මට අපිව ජීවත් කරන්න ගොඩාක් මහන්සි වෙන්න උනා. ගෙදර ආවම සීයයි අත්තම්මයි එකතුවෙලා වැරදි කියනකොට වැඩිපුරම ගුටි කෑවෙ මම, ඒත් මල්ලියි මමයි අතර තිබ්බ බැඳීම නං ඒවා වලින් නවත්තන්න බැරි උනා. ඔන්න ඔය අතරෙ අප්පච්චි අවුරුද්දට දෙතුන් පාරක් ඇවිත් අපිට කැරට් අලයක් කවල යනවා, අප්පච්චි පැනල ගියාම නැවතුනේ කොළඹ, අපිට කොළඹ කතා රස කරකර කියනකොට අපිට හිතුනෙ සුරපුරයක් කියලා. අප්පච්චිට ඕන උනා මල්ලිව එයා ළඟට ගන්න. මොකද එයා හොඳ බ්‍රයිටා. ඒත් අම්ම කැමති ...

නිකමුන් උද්ඝෝෂණය කරති - වැඩකලවුන් උන් නිසා මහ මඟ ලතැවෙති.....

අදත් උපාධිධාරී උද්ඝෝශණයක්. රජයත් එක්ක තියෙන තරහ පිරිමහන්නෙ මහ ජනයගෙන් වගේ. පාරවල් පුරාම උන් සත්තු වගේ ඉන්නකොට මිනිස්සු වැඩ ඇරිල ගෙවල් වලට යන්නෙ කොහොමද? එහෙම හිතන්න බැරි මුන්ට රස්සා දුන්නාම දැනටත් වැනසිලා තියෙන රාජ්‍ය සේවය ට දෙයියන්ගේම පිහිටයි. මේ රජය පෙරලන්න වගේ උද්ඝෝෂණය කලාට එජාප රජයක් ආවම දෙයි රස්සා මේන් කියලා. හිටපු අවුරුද්දක කරපු දේවල් බැළුවාම එජාප ආණ්ඩුවකදී රාජ්‍යසේවයත් ‍පෞද්ගලීගරණය කරයි. එතකොටවත් මිනිස්සුන්ට පාරවල් වල කරදරයක් නැතුව යන්න පුළුවං වේවි. මේවගේ අවස්ථාවාදී උද්ඝෝෂණ මඩින්න ඕන ප්‍රේමදාස තියරියෙනුයි. එහෙම නැතුව හුරතල් කරල නං මේව නවත්වනව බොරු. රැකියා විරහිත උපාධිධාරීන් කියන්නේ කවුද, රැකියා නැති මිනිස්සුද? නෑ... මේ උද්ඝෝෂකයන් බොහොමයක් දෙනාට රැකියා තියෙනවා. ඔවුන්ගෙන් සමහරු පෟද්ගලික ආයතන වල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, සමහරු ටියුෂන් ගුරුවරු, ඒත් ඔවුන් රැකියා විරහිත පුද්ගලයන් ලු, මොකද ඔවුන්ට රජයේ රැකියාවක් නෑනේ, පිනට කකා බිබී ජොලියේ ඉන්න උපාධියට සරිලන වැටුපකින් යුත් රජයේ රැකියාවක් තමා ඔවුන් ඉල්ලන්නෙ. මොවුන් හට උපාධියෙන් නොලැබුනු වෘත්තීමය දැනුම දෙන වැඩසටහනකට සම්බන්ධවූ කෙනෙකු හැට...

මගේ පුංචි පුතුට අප්පච්චීගෙන්....

අද ඉපදුනු පුංචි පුතුට ආදරයෙන් ලියමි, චූටි පුතේ, දින සති මාස ගනන් ඇඟිළි ගැණ ගැණ බලාගෙන උන්නු පුංචි අමුත්තා අද අපේ කැදැල්ලට ආවා. අම්මයි මායි වින්ද දුක් කඳුළු වල ඵල අද අපි බුක්ති විඳිනවා. පැටියෝ, අද ඔයාගෙ අම්මගෙයි මාගෙයි ඇස්වල පිරී තිබෙන සතුටෙහි අයිති කරුවා ඔයාමයි. ඒ වගේම ඔයා අපේ ඇස්වල තිබෙන සතුටට දුක් කඳුළු එක්කරන්නේ නෑ නේද පැටියෝ. ඔයා කුසට ආවා කියල දැනගත්ත දවසේ ඉඳලම අම්මා ඔයාව පණ වගේ ආරක්ෂා කලා. ඔයා අපේ ලෝකයට එන්න යනවා කියල දැනගත්ත දවසේ ඉඳලම අපි ඔයාව පිළිගන්න මඟ බලාගෙන හිටියා. ඔයා මේ ලෝකෙ එළිය දකිනා තුරුත් අම්මගෙයි මගෙයි ලෝක වල පිරිලා හිටියෙ ඔයාම විතරයි. ඔයා අම්මාගේ කුසේ පිළිසිඳ ගත්තට පස්සෙ අම්මා කෑවෙ, බිව්වෙ ඔයා ගැනම හිතලයි, ඔයාට හොඳ දේවල්ම විතරයි. ඔයාට හොඳනෑ කියල කව්රුහරි විහිළුවට හරි කියපු කෑමක් කොච්චර ආස වුනත් ඔයාගෙ අම්ම කටේවත් තිබ්බෙ නෑ. ඔයා මුළින්ම දඟලපු දවස අපිට හොඳටම මතකයි. අම්මි ඔයා දඟලනව කියල කිව්වාම මම කන තියාගෙන අහගෙන කොච්චර වෙලා බලාගෙන හිටියද. ඒ එක දවසක ඔයා රෑ දඟලන්නෑ කියල අම්ම බයවෙලා, අම්මයි මායි මුළු රෑම නිඳිනැතුව බලාගෙන හිටියා. මට ‍මූන නොපෙනෙන්න අම්මි එදා ගොඩාක් ඇඩුවා. ...

අන්තර්ජාලය බුද්ධිමත්ව භාවිතා කිරීම [Social Sites]

වර්තමානයේ තරුණ පරම්පරාව වැඩිවශයෙන්ම ගැවසෙන වෙබ් අඩවි අතර සමාජ වෙබ් අඩවි (Social Sites) මුල්තැනක් ගනී. ෆේස්බුක්, මයි ස්පේස්, හයි5 (Facebook, Myspace, HI5) ආදී ලෙස ඉතා විශාල සමාජ වෙබ් අඩවි වර්තමානයේ ඇත. තරුණ ළමයින් විශේෂයෙන්ම පාසැල් යන වියේ සිටින ළමුන් මෙම වෙබ් අඩවි නිසි ආකාරයෙන් පරිහරණය නොකිරීම නිසා විවිධ අපචාරයන්ට හා හිරිහැරයන්ට ලක්වූ අවස්ථා අප්‍රමාණය. එමෙන්ම ෆේස් බුක් නිසා තමන්‍ ගේ වෘත්තියෙන්ද වන්දි ගෙවීමට සිදුවුනු පුද්ගලයන්ද අප්‍රමාණය. ඔවුන් අතර ට මම කලින් වැඩ කල ආයතනයේ කළමණාකරුවෙකුද සිටින අතර ඔහු පුද්ගලිකව ආරම්භ කල ‍ආයතනයක් ගැන යහළුවන්ට (ෆේස්බුක්) කරන ලද දැනුවත් කිරීමක් එයට හේතු විය. ඔහුගේ යහළුවන් අතර ඔහුගේ බොස් ගේ යහළුවෙක් ද සිටි නිසා මේ දෙය සිදුවිය. අප යහළුවන් කියා එකතු කරගන්නා සියළුදෙනාම, ඇත්තටම අපේ යහළුවන් බව තහවුරු කරගෙන කටයුතු කිරීම අපගේ වෙබ් පිටුව අපචාර ක්‍රියාවන්ට/වැරදි පුද්ගලයන්ට හසුවීම වැලැක්වීමට කල හැකි මූලික දෙයකි. පහත වීඩියෝ පටයෙන් මේ ගැන වඩාත් තහවුරු කරගත හැක.

ශිහාන් මිහිරංග ( තවත් එක් ගායකයෙකු නොවූ.....)

Image
තවත් එක් ගායකයෙකු නොවූ.....ශිහාන් මිහිරංග අද මට ශිහාන් මිහිරංග ගැන කතා කරන්න හිතුවා. ශිහාන් මිහිරංග, ඇත්ත වශයෙන්ම කිව්වොත් මුල් කාලයේ මම අකැමතිම චරිතයක්. සිංදු කන තවත් එක චරිතයක් ලෙසයි මට ඔහුව පෙනුනේ. ඒ වගේම තමන්ගෙ කෙල්ල සිරස සුපර් ස්ටාර් තරු වලට වහ වැටෙන එක නවත්වන්නට ඉතාමහන්සිවී වැඩ කල කෙනෙකි මම. (කෙලින්ම කිව්වොත් සිරස සුපිරි තරු මට අරහං) ඒ කාලේ සෑම කොල්ලෙකුටම තිබ්බ ප්‍රශ්ණයක් නේ ඒක. ඒත් ඇයි මට ශිහාන් විශේෂ වුනේ..., ඒ මට ශිහාන්ව පෙනෙන්නේ ලෝකල් මයිකල් ජැක්සන් කෙනෙක් හැටියට. ඔහුගේ ගීතවලට මිනිස්සු කොච්චර බැන්න ද, ප්‍රබුද්ධයන් පත්තර ගනං ඔහුට විරුද්ධව ලියන්න ඇති. මටත් ඔහුගේ ගීත පෙනුනේ නිකං බොරු හෑල්ලක්, දුක් ගැනවිල්ලක් කියා විතරයි. නමුත් ඔහුගේ ගීත බොහොමයක් ඔහුම ලියා, ඔහුම සංගීතය යොදා කල බව දැනගත් විට මම පුදුමයට පත් වුනා. ඔහුගේ මුල් සීඩී තැටියේ තිබූ ගී ඇත්තටම ඔහුගේ හීනයන් වෙන්න ඇති. ඔහු‍ට අත්විඳීමට වූ ගැහැටයන් ඒ ගී තුලට ඔහු ඇතුලත් කරන්න ඇති. ඒක‍ට කවුරුවත් කරදර කරන්න නැතුව ඇති. මොකද සියළුම ගී ඔහුගේම නේ, සංගීතයත් ඔහුගේමනේ. ඒ නිසා බොක්කෙන්ම අවශ්‍ය දේ කියන්න ඔහුට පුළුවන් වුනා. ඒවගේම මිනිස්සු කො...

විශ්ව විද්‍යාලය යනු රැකියා කඩයක් නොවේ, මට කියන්න තියෙන්නෙ එච්චරයි!

අදත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ පිරිසක් උපවාසයේ..., හැමදාම මොකක් හරි විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෝ සෙට් එකක් උපවාසය කරනවාමයි. මේ වැඩේ නැවතිලා තිබුනේ 2004-2005 ජවිපෙ ආණ්ඩුවත් එක්ක හිටපු කාලෙ විතරයි. මේ අය ආණ්ඩුව අතහැරියෙ මේ ප්‍රශ්ණ එයාල ආණ්ඩුවේ ඉඳගෙනවත් විසඳන්න බෑ කියල ද දන්නෙ නෑ..(මේ ප්‍රශ්ණ ප්‍රායෝගික නෑ කියල එයාලට තේරුනාට, එයාලගෙ පැවැත්මට උද්ඝෝෂණ ඕනම නේ..) මේ ළඟදි පත්තරේක දැක්ක, මහා ශිෂ්‍ය සංගමයේ ආධාර උපකාර ප්‍රතික්ශේප කරල, අහිංසකව සාධාරණ ඉල්ලීම් ඉල්ලල, ඉල්ලීම් දිනාගත්ත පිරිසක්. එයාලට ඒ ඉල්ලීම් දිනාගන්න ලැබුනෙ, ඒ ප්‍රශ්ණය දඩමීමා කරගෙන ගහමරා ගන්නෙ නැතුව මාරාන්තික මහා ශිෂ්‍ය සංගමය ප්‍රතික්ශ්පකර එය කල නිසා වගක්ද මට අහන්න ලැබුනා. මේ විදිහට ගියොත් මහා ශිෂ්‍ය සංගමයත් ජවිපෙ වගේ අවලංගු කාසියක් වෙයි කියල දැන් ඒවගේ අසම්මත පිකටින් තියන්න ශිෂ්‍ය සංගම් වලට වාරණයක් කරයිද දන්නෙ නෑ. අද කාලෙ සරසවියට යන්නෙ අනිවාර්යයෙන්ම රජයේ රැකියාවක් ගන්න, බල කරල ගන්න පුළුවං කියන හැඟීම නිසා නේ. ඒත් විශ්ව විද්‍යාල කියන්නේ රැකියා සඳහා පුහුණු කරන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් නොවන බව අද මේ මිනිසුන්ට අමතක වෙලා ද කොහෙදෝ..(මේකට වර...

ලංකාවේ සිටිද්දීම ලංකාවේ පුරවැසිකම අහිමි වූ මම.....,

හුඟ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා... ඒත් අද මං හිතා ගත්ත මගේ දුක කියන්නවත් මගේ ජීවිතය පාවිච්චි කරන්න ඕන කියලා. මම මේ වන විට මගේ රටේ පුරවැසි කම අහිමි වුනු තැනැත්තෙක්. (ඒ කියන්නේ මාව මේ ලෝකෙ කිසිම රටකට අයිති නෑ... අයියෝ මට හරි පාළුයි වගේ.....) ඒක නිකං අපබ්‍රංසයක් වගේ දෙයක් නිසා කතාවම කියන්නම්. මගේ ජාතික හැඳුනුම් පත දැන් හොඳටම දිය වෙලා, නම් නං හොයාගන්නවත් බෑ.. පොලීසියෙන් චෙක් කරනකොට මේක ඉක්මනින් හදාගන්න කියල මාව යවන්නේ, මගේ මූනෙ තියෙන අහිංසක කමට වෙන්න ඇති., ඒත් මගේ අයිඩින්ටිය හදාගන්න ඕන කියන එක මගෙ හිතේ තිබුනා. ඒත් ඒකට වෙනම නිවාඩු දාල මාර රස්තියාදුවතක් වෙලා කරන්න ඕන දෙයක් නිසා කල් දදා හිටියා. මේ දවස් වල E.P.F එක පරිගණක ගත කරනවනේ, ඒකට මාත් ෆෝම් පුරවගෙන ගියාම මගේ අයිඩින්ටිය භාරගන්න බෑ කියල කියුවා. මොකද ඒක මට ආය සල්ලි ගනිද්දි ප්‍රශ්ණයක් වෙයි කියලා. ඒ පාර නං මගේ හැඳුනුම් පත ඉක්මනටම හදනවා කියල හිතා ගත්තා. (ඒත් ඒකට වෙලාවක් හමුබවුනේ නෑ) ඔය අස්සේ මට අඩුගානට ඩ්‍රයිවින් කියල දෙන අඳුරන තැනක් හමුබවුනා. (මගේ මාමගෙ පුතා යන කොට මාව බලෙන්ම අරගෙන ගියා.) එහෙනං එතකොට මට ලයිසන් එකවත් තියෙනවනේ, ආය ජ...

පැනඩෝල් මාරාන්තිකයි! - උපරිම මාත්‍රාවත් අක්මාවට අහිතකරයි!

Image
ඩෙංගු වලට පැනඩෝල් ම පමණක් භාවිතා කරන්න! යන්න මීට වසර කීපයකට පෙර මාධ්‍යන්හී ඩෙංගු රෝගය අධික කාල වලදී ප්‍රචාරණය වූවකි. එයට හේතුව වූයේ ඩෙංගු රෝගයට ඩිස්ප්‍රීන් (ඇස්ප්‍රීන් විස වන බැවිනි.) නමුත් දැන් සොයාගෙන ඇති ආකාරයට පැරසිටමෝල් හි උපරිම මාත්‍රාවද ඉතාම මාරාන්තික බවයි. අතීතයේ දී ලංකාව ඇතුළු මුළු ලො‍්කයේම ප්‍රධාන වේදනා නාශකය වූයේ ඇස්ප්‍රීන් ය. (ඩිස්ප්‍රීන් ) පැරසිටමෝල් අඩංගු ඖශධ රෝගීන් භාවිතා කලේ ඉතාමත් අඩු වශයෙනි. නමුත් ඩෙංගු රෝගය හේතුවෙන් මෙම මතය කනපිට හැරුණු අතර ඩෙංගුරෝගය නිසාම කාලාන්තරයක් පැවති ප්‍රභ වේදනා නාශකයක් වූ ඩිස්ප්‍රීන් වෙළඳපොලෙන් තල්ලුකිරීමට පෙනඩෝල් වලට හැකිවිය. (ඩෙංගු යනු ඩිස්ප්‍රීන් අධිකාරය නැතිකිරීමට පැනඩෝල් මගින් කෘතිමව සකස් කර මුදා හැරුණු විශබීජයක් බවටද කතාවක් ඇත.) ඩෙංගු ආගමනයත් සමඟ වෙළඳපොල ජයගත් පැනඩෝල් ඇමරිකාව ඇතුළු ප්‍රධාන පෙලේ රටවල් විසින් තහනම් කිරීමට පටන්ගෙනව ඇත. ඇමරිකාව මේ වන විට පෙනඩෝල් අන්තරායකර ‍ඖශධ ගෝන්නට එකතු කර ඇත. දිවයින පුවත්පතේ‍ ලිපිය- ලොව පුරා විශාල වශයෙන් භාවිත කෙරෙන වේදනා නාශකයක්‌ වන පැරසිටමෝල් වර්ගවල දැනට නියම කර ඇති උපරිම මාත්‍රාවන් අක්‌මාව අක්‍රීයවීම...

බුදු රුව සහිත හරක් මස් පැකට් මැගී හරහා ඔබ වෙත එවන නෙස්ලේ....,

Image
මැගී නූඩ්ල්ස්..., ලංකාවේ හැමෝම දන්නා නමක්..., ලොකු පොඩි හැමෝටම හොඳයි කියා විකුණන මැගී නිශ්පාදන වලට බුදු පිලිමයක් සහිත මේසයක රුවක්ද එක්කර ඇති බව ඔබ දන්නවාද..., ඒ එක්සත් රාජධානියේ හරක් මස් නිශ්පාදනයකටයි. එහි වැකිය ලෙස දමා ඇත්තේ, ''හරක් මස්, බුදුන්ගේ ප්‍රියතම ආහාරයයි..'' (Beef the favorite of Lord Buddha) ලෙසටයි. මෙම රුව එක්කිරීමෙන් නෙස්ලේ ආයතනය බලාපොරොත්තු වූයේ කුමක්දැයි නොදන්නා මුත් මෙය බෞද්ධයන්ට කල බලවත් අසාධාරණයක් බව හා ගෞතම බුදුන්ට කල නිග්‍රහයක් බව පැහැදිලිය. මෙය 2007 වසරේ දී නිකුත්වූවක් බව කරුණාවෙන් සලකන්න. මේවන විට එම රුව වෙනුවට චීන මහා ප්‍රාකාරයේ රුවක් එක් කර ඇත. OH LORD ! FORGIVE THEM FOR WHAT THEY DO NOT KNOW by Dr. Tilak S. Fernando reporting from London Time is ripe for the Buddhist communities throughout the world to pray deafeningly in ‘Christian fashion’ and say ‘Oh Lord forgive them for what they not know’ at a time when Western adverting firms are becoming bizarrely cheeky and pay no respect or any regard to Lord Buddha, one of the great philosop...

මාරාන්තික ඩෙංගු රෝගයට‍ වලට ශාඛමය ප්‍රතිකාරයක්.... පැපොල් වලින් ඩෙංගු වලට පිහිටක්

Image
‘ පැපොල් ගෙඩියේ සාරයෙන් සාදන පානය ඩෙංගුරෝගයෙන් විනාශ කරන රුධිර සෛල නැවත වර්ධනය කිරීමට සමත් ගුණයෙන් යුක්තය. නමුත් ඊටත් වඩා පැපොල් කොළ මිරිකා ගන්නා සාරය ඉතාමත්ම ගුණදායක ය. සාමාන්‍යයෙන් පැපොල් කොළයකින් සාරය ලබාගත හැක්කේ තේ හැන්දක් වැනි ප්‍රමාණයක් පමණි. සාමාන්‍යයෙන් තේ හැඳි දෙකක් (කොළ දෙකක්) දවසකට ප්‍රමාණවත්ය. ‍ ’ ඩෙංගු..., මේදිනවල මුළුරටම වෙලා‍ගෙත් භයානක භීතිකාව ඩෙංගුය. වර්ශාව කාලයට නැගිටින පායන කාලයට අක්‍රියව සිටින මෙම භයානක රෝගය නිසා සියළු ජනතාවට අද ඉතාමත් සැකයෙන් යුතුව ජීවත් වීමට සිදුවී ඇත. කොළඹ, මහනුවර ඇතුළු ප්‍රධාන පෙලේ රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරී ඇති අතර මේවන ‍විට එය වසංගතයක් ආකාරයෙන් පැතිරයයි. ඩෙංගු රෝගය අනෙක් උණ රෝග වලින් වෙනස් වන්නේ මෙම රෝගයෙහි උස්සන්න අවස්ථා වන විට ලේ වල අඩංගු ප්ලාස්මා සෛල ප්‍රමාණය සීග්‍රයෙන් අඩු කරවීමයි. ඒත් සමගම රෝගියාට ලේ පිටින් සැපයිය යුතු අතර මෙම ආකාරයට රෝගය වර්ධනය වූ රෝගියෙකු බේරා ගැනීමට බොහෝ වෙහෙසක් ගැනීමට සිදුවේ. ඩෙංගු සඳහා තවමත් නිශ්චිත ‍බෙහෙතක් නොමැති කමද මෙම රෝගය වර්ධනයට බලපා ඇති ප්‍රධාන සාධකයකි. නමුත් මෙම රෝගයෙන් බැට ...

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය හා කැළණිය විශ්ව විද්‍යාලය

Image
පසුගිය ජූනි 11 දින කැළණිය විශ්ව විද්‍යාලයට ගම්වාසීන්ගේ ප්‍රහාරයක් එල්ලවිය. මහා ශිෂ්‍ය සංගමයට අනුව නම් ඒ දෙය කරන ලද්දේ අමාත්‍ය මර්වින් සිල්වා විසිනි. නමුත් ජ. වි. පෙ හි අතකෙළුවක් වූ මහා ශිෂ්‍ය සංගමය හැරුණුකොට ස්වාදීන මතධාරී කිසි කෙනෙක් එය එසේයැයි කියන්නේ නැත. බොහෝ දෙනා, ගම්වාසීන් ද පවසන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික උළෙල අවසානයේ දී බීමත් ශිෂ්‍යයන් විසින් කරන ලද පහරදීමක් මෙම සිද්ධියට හේතුවූ බවය. සත්‍ය කුමක්දැයි තවමත් අබිරහසකි. නමුත් මැර දේශපාලනය කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් තුල මැරවරයන් සිටින බව නම් සක් සුදක් සේ පැහැදිලිය. ප්‍රධාන ම‍ාර්ගයේ ගමන් ගත් බස්රථවල ඇතුළු මෝටර් රථ වලටද විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පහර දීම සම්බන්ධව වෙනත් ආකාරයකින් අර්ත කථනය කල නොහැක. විශ්ව විද්‍යාලය ඉගෙනුම් මධ්‍යස්ථ‍ානයකි. එයින් පිටවිය යුත්තේ දැනුමෙන් සන්නද්ධවූ රටෙහි අනාගතය භාරගැනීම‍ට හැකි පරිපූර්ණ කොට්ඨාශයකි. නමුත් වර්තමානයේ එය එසේම සිදුවන්නේද? අද විශ්ව විද්‍යාලය යනු රජයේ රැකියාවක් ලබාගැනීමට හැකි හොඳම මඟයි. එසේම විශ්ව විද්‍යාලයෙන් පිටවන සැමට රජයේ රැකියාවක් තිබිය යුතු බව ඔ...

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝහී හා අර්ධ සුඛෝපභෝහී බස්රථ....

ලංකාවේ බොහෝ මාර්ගවල සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී නම් එල්ලා ගත් බස්රථ ධාවනය වේ. නම්ත් ඒ නම් මිනිසුන්ගෙන් වැඩිපුර මුදල් අයකිරීම සඳහා පමනක්ම වෙන්වූවක්ද, නැත්නම් තිබියයුතු පහසුකම් මොනවාද යන්න බොහෝ දෙනා, එනම් මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් ද නොදන්නා කරුණකි. මා දන්නා ලෙසට සුඛෝපභෝගී නම සඳහන් බස්රථ , 01. හොඳඟින් වායුසමනය කර තිබිය යුතුය. 02. මගීන් අසුන් වල ප්‍රමාණයට පමණක් නංවා ගත යුතුය. 03. නියමිත ගාස්තුව සාමාන්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයකි. 04.අසුන් සුවපහසු විය යුතුය. එසේම අර්ධ සුඛෝපභෝගී යනුවෙන් ඇති බස්රථ , 01. මගීන් අසුන් වල ප්‍රමාණයට පමණක් නංවා ගත යුතුය. 02. නියමිත ගාස්තුව සාමාන්‍ය ප්‍රමාණය මෙන් එක හමාරකි. 03.අසුන් සුවපහසු විය යුතුය. නමුත් මේවායින් නිවරදිව, ඉතාමත් හොඳින් කෙරෙන්නේ වැඩිපුර මුදල් ලබා ගැනීම පමණක් යැයි මට හැඟේ. මාගේ උදාහරණයට යොදාගන්නේ, පානදුර - මහ නුවර බස්මාර්ගය, කඩුවෙල - කොල්ලුපිටිය සු‍ෝපභෝගී බස්රථ හා මහනුවර - කොළඹ සුඛෝපභෝගී බස් රථයි. මෙහිදී පානදුර - නුවර හා කඩුවෙල කොල්ලුපිටිය බස් ධාවනය වන්නේ බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අසලිනි. තත්වය එසේ වුවත් මෙම බස්වල ඉහත සඳහන...

මිනිසුන් ගේ අනුකම්පාව ප්‍රයෝජනයට ගෙන කෙරෙන වංචා වලට තිත තියමු.

Image
‍ මිනිසුන්ගේ අනුකම්පාවෙන් ඔවුන් ගොනාට ඇන්දවීම මේ දිනවල බහුලව ලැබෙන ඊ-මේල් එකකි, ' An Urge..... Pleeeeeeez ,Read this..& forward ' යන මාතෘකාව ඔස්සේ එන සානුකම්පික ඉල්ලීම. (මෙම ලිපිය 2007 දී FW: Pleeeeeeez ,Read this... ලෙස හා 2008 දී FW: Pleeeeeeez ,Read this...... really important. ... ලෙස මා හට ලැබිනි.) එම ලිපියෙන් හුදෙක්ම අපගෙන් ඉල්ලා සිටින්නේ, අනේ මේ ලියුම පුළුවන් තරම් අය අතර පතුරුවා හරින්න., එවිට ඒ එක ලිපිනයකට ශත 5 (රුපියල් ද ඩොලර්ද යන්න සඳහන්ව නැත.) බැගින් මගේ ගිණුමට AOL බැර කරනවා, යනුවෙනි. ඒ මුදල්, මේ ලිපිය එවනා නිරෝශා සිල්වා නැමැත්තිය ගේ සැමියාගේ සැත්කම සඳහා යොදාගන්නා බවත්ය. එසේම ඇයට අවශ්‍ය ලක්ෂ 5ක් බවත් ලක්ෂ 3ක් තිබෙන බවත් ලක්ෂ 2ක් සොයා ගැනීමට මෙසේ කටයුතු කරන බවත් ඇය සඳහන් කර ඇත. නමුත් මේ ලිපිය මුල් වරට දුටු මා හට ඇතිවූ ප්‍රශ්ණය වූයේ මොලය හානිවී ඇති ඇගේ සැමියා අවුරුදු 2ක් යන තෙක් තබාගත් රෝහල කුමක්ද කියාය. (රජයේ රෝහලක නං සැත්කම නොමිලේම සිදු කරන අතර පුද්ගලික රෝහලක මාස 1ක් හෝ දැඩි සත්කාර ඒකකයක තබාගැනීම රුපියල් ලක්ෂ 5කට ත් අධිකව යන කාරණාවක් බැවිනි.) මන්ද යත් මා මෙම ...