Posts

Showing posts from June, 2009

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය හා කැළණිය විශ්ව විද්‍යාලය

Image
පසුගිය ජූනි 11 දින කැළණිය විශ්ව විද්‍යාලයට ගම්වාසීන්ගේ ප්‍රහාරයක් එල්ලවිය. මහා ශිෂ්‍ය සංගමයට අනුව නම් ඒ දෙය කරන ලද්දේ අමාත්‍ය මර්වින් සිල්වා විසිනි. නමුත් ජ. වි. පෙ හි අතකෙළුවක් වූ මහා ශිෂ්‍ය සංගමය හැරුණුකොට ස්වාදීන මතධාරී කිසි කෙනෙක් එය එසේයැයි කියන්නේ නැත. බොහෝ දෙනා, ගම්වාසීන් ද පවසන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික උළෙල අවසානයේ දී බීමත් ශිෂ්‍යයන් විසින් කරන ලද පහරදීමක් මෙම සිද්ධියට හේතුවූ බවය. සත්‍ය කුමක්දැයි තවමත් අබිරහසකි. නමුත් මැර දේශපාලනය කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් තුල මැරවරයන් සිටින බව නම් සක් සුදක් සේ පැහැදිලිය. ප්‍රධාන ම‍ාර්ගයේ ගමන් ගත් බස්රථවල ඇතුළු මෝටර් රථ වලටද විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පහර දීම සම්බන්ධව වෙනත් ආකාරයකින් අර්ත කථනය කල නොහැක. විශ්ව විද්‍යාලය ඉගෙනුම් මධ්‍යස්ථ‍ානයකි. එයින් පිටවිය යුත්තේ දැනුමෙන් සන්නද්ධවූ රටෙහි අනාගතය භාරගැනීම‍ට හැකි පරිපූර්ණ කොට්ඨාශයකි. නමුත් වර්තමානයේ එය එසේම සිදුවන්නේද? අද විශ්ව විද්‍යාලය යනු රජයේ රැකියාවක් ලබාගැනීමට හැකි හොඳම මඟයි. එසේම විශ්ව විද්‍යාලයෙන් පිටවන සැමට රජයේ රැකියාවක් තිබිය යුතු බව ඔ

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝහී හා අර්ධ සුඛෝපභෝහී බස්රථ....

ලංකාවේ බොහෝ මාර්ගවල සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී නම් එල්ලා ගත් බස්රථ ධාවනය වේ. නම්ත් ඒ නම් මිනිසුන්ගෙන් වැඩිපුර මුදල් අයකිරීම සඳහා පමනක්ම වෙන්වූවක්ද, නැත්නම් තිබියයුතු පහසුකම් මොනවාද යන්න බොහෝ දෙනා, එනම් මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් ද නොදන්නා කරුණකි. මා දන්නා ලෙසට සුඛෝපභෝගී නම සඳහන් බස්රථ , 01. හොඳඟින් වායුසමනය කර තිබිය යුතුය. 02. මගීන් අසුන් වල ප්‍රමාණයට පමණක් නංවා ගත යුතුය. 03. නියමිත ගාස්තුව සාමාන්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයකි. 04.අසුන් සුවපහසු විය යුතුය. එසේම අර්ධ සුඛෝපභෝගී යනුවෙන් ඇති බස්රථ , 01. මගීන් අසුන් වල ප්‍රමාණයට පමණක් නංවා ගත යුතුය. 02. නියමිත ගාස්තුව සාමාන්‍ය ප්‍රමාණය මෙන් එක හමාරකි. 03.අසුන් සුවපහසු විය යුතුය. නමුත් මේවායින් නිවරදිව, ඉතාමත් හොඳින් කෙරෙන්නේ වැඩිපුර මුදල් ලබා ගැනීම පමණක් යැයි මට හැඟේ. මාගේ උදාහරණයට යොදාගන්නේ, පානදුර - මහ නුවර බස්මාර්ගය, කඩුවෙල - කොල්ලුපිටිය සු‍ෝපභෝගී බස්රථ හා මහනුවර - කොළඹ සුඛෝපභෝගී බස් රථයි. මෙහිදී පානදුර - නුවර හා කඩුවෙල කොල්ලුපිටිය බස් ධාවනය වන්නේ බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අසලිනි. තත්වය එසේ වුවත් මෙම බස්වල ඉහත සඳහන

මිනිසුන් ගේ අනුකම්පාව ප්‍රයෝජනයට ගෙන කෙරෙන වංචා වලට තිත තියමු.

Image
‍ මිනිසුන්ගේ අනුකම්පාවෙන් ඔවුන් ගොනාට ඇන්දවීම මේ දිනවල බහුලව ලැබෙන ඊ-මේල් එකකි, ' An Urge..... Pleeeeeeez ,Read this..& forward ' යන මාතෘකාව ඔස්සේ එන සානුකම්පික ඉල්ලීම. (මෙම ලිපිය 2007 දී FW: Pleeeeeeez ,Read this... ලෙස හා 2008 දී FW: Pleeeeeeez ,Read this...... really important. ... ලෙස මා හට ලැබිනි.) එම ලිපියෙන් හුදෙක්ම අපගෙන් ඉල්ලා සිටින්නේ, අනේ මේ ලියුම පුළුවන් තරම් අය අතර පතුරුවා හරින්න., එවිට ඒ එක ලිපිනයකට ශත 5 (රුපියල් ද ඩොලර්ද යන්න සඳහන්ව නැත.) බැගින් මගේ ගිණුමට AOL බැර කරනවා, යනුවෙනි. ඒ මුදල්, මේ ලිපිය එවනා නිරෝශා සිල්වා නැමැත්තිය ගේ සැමියාගේ සැත්කම සඳහා යොදාගන්නා බවත්ය. එසේම ඇයට අවශ්‍ය ලක්ෂ 5ක් බවත් ලක්ෂ 3ක් තිබෙන බවත් ලක්ෂ 2ක් සොයා ගැනීමට මෙසේ කටයුතු කරන බවත් ඇය සඳහන් කර ඇත. නමුත් මේ ලිපිය මුල් වරට දුටු මා හට ඇතිවූ ප්‍රශ්ණය වූයේ මොලය හානිවී ඇති ඇගේ සැමියා අවුරුදු 2ක් යන තෙක් තබාගත් රෝහල කුමක්ද කියාය. (රජයේ රෝහලක නං සැත්කම නොමිලේම සිදු කරන අතර පුද්ගලික රෝහලක මාස 1ක් හෝ දැඩි සත්කාර ඒකකයක තබාගැනීම රුපියල් ලක්ෂ 5කට ත් අධිකව යන කාරණාවක් බැවිනි.) මන්ද යත් මා මෙම

ජයග්‍රාහී අනාගතයක පෙර නිමිති....!

Image
ශ්‍රී ලංකාව නැවතත් තම අභිමානය ලොවට පෙන්වුයේය..., ඔවුන් ලක් මවට තවත් ජයග්‍රහණයක් අත් කර දුන්නේය. සුපිරි කැන්ගරුවන්ව ගෙදර යැවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායටම ජය වේවා! ශ්‍රී ලංකාව කියන පුංචි රට බොහෝ ලෝක වාසීන් දැන ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාව නිසාය. මේ පුංවි දිවයිනෙන් උපන් සිංහ පෝතකයන් තණතිල්ලේ තවම අභිමාණය පතුරුවදිදී මුළු ලෝකයම ඔවුන් දෙස බලා සි‍ටියේය. අපේ රට ගැන, අපි ගැන ලෝකයෙහි අවධානය යොමුකලේ ඒ නිසාය. 1996 ලෝක කුසලානය දිනා ලෝකයට බලපෑම් කල හැකි, ක්‍රිකට් කප්පිත්තන්ට බලපෑම් කල හැකි රටක් බව හඩ ගා කීවේය. අපේ ක්‍රිකට් කණ්ඩායම රටේ මිලේච්ඡ ත්‍රස්තවාදයටද මරු පහරක් විය. සිංහලයන් අනෙක් ජාතීන් පාගා දමන මිලේච්ඡ ජාතියක් බව කොටින් කියද්දී රටේ සියළුම ජාතීන් හා ආගම් වලින් සැදුම් ලත් අපේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව වෙනුවෙන් නැගී සිටියේය. එකමුතුව තරඟ බිමට පිවිසියේය. එකමුතු කමින් ජය ලැබුවේය. ඒ නිසාම අපේ ක්‍රිකට් කණ්ඩායම විනාශ කරන්න ත්‍රස්තයන් මහත් උත්සාහ කලහ. පකිස්තානයේ ලාහෝර් නුවරදී එහි උච්චතම අවස්ථාව එළඹියද විශ්මය ජනක ලෙස එම අනතුරෙන් බේරී නිරුපද්‍රිතව මව්රටට සැපත් විය. කටුක වූ මානසික හිංසනයන් මැද්දේ, ලාහොර් සි

Hoardings, which was in CANADA - ජනාධිපතිතුමාගේ මතය ලෝකයට ගෙනයාමට....,

Image
Thoughts of the GREATEST PRESIDENT IN SRI LANKA HISTORY... තුන් හෙළයම එක්සේසත් කල උදාර ජන නායකයාගේ අදහස්......, Yes Mr. President You is the Greatest! මෙම දැන්වීම් පුවරු කැනඩාවෙහි ප්‍රදර්ශණය වූ ඒවා බව කරුණාවෙන් සලකන්න.